තෙල් සංස්ථාවේ කෝටි 230ක් වතුරේ ගිහින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයින පුරා පිරවුම් හල් වැඩි ප්‍රමාණයකින් මාසික උපයෝගීතා ගාස්තු අය කර ගැනීම පැහැර හැරීම නිසා 2014 සිට 2020 දක්වා වූ කාලපරිච්ඡේදයේදී රුපියල් කෝටි 230කට වැඩි අලාභයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 26 December 2022
මහවැලිය ගොඩනැගිලි 13ක කෝටි 7ක කුලියට පොලු තියලා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ජාවත්ත පරිශ්‍රයේ බාහිර පාර්ශවයන් භාවිතා කරන ගොඩනැගිලි දහතුනක් වෙනුවෙන් රුපියල් කෝටි 7කට වැඩි කුලී මුදලක් අයකර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 26 December 2022
ඩිලාන්ට කඩු පහරදුන් හතරක් මාට්ටු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වූ ඩිලාන් සේනානායක යන අයට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි . 26 December 2022
නොවටිනා වැඩ කළ පිටරැටියන් 1955ක් රටින් පන්නයි විදේශිකයන් එක්දහස් නවසිය පනස් පස් දෙනකු (1955) අපරාධ සහ විවිධ දූෂණ වංචා චෝදනා පදනම් කරගෙන පසුගිය වසර හතරේදී (2018-2021) මෙරටින් නෙරපනු( පිටුවහල්) ලැබ ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. 26 December 2022
මේ සතියේ විදුලිය කපන්නේ මෙහෙමයි හෙට සිට 27මේ මස 30 වැනි දා දක්වා දිනකට පැය දෙකයි විනාඩි 20ක කාලයක් විදුලිය කපාහැරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට උපදේ දී ඇත. 26 December 2022
දුම්රිය මැදිරි දෙකක් අතර තරුණයෙක් සිරවේ මරදානෙ සිට බෙලිඅත්ත දක්වා ගමන් කළ දුම්රියේ මාතර අකුරැස්ස බලා ගමන්කල තරුණයකු දුම්රිය මැදිරි එකතු වන ස්ථානයේ සිරවි සිටියදි බේරාගෙන බලපිටිය මුලික රොහලට ඇතුලත්කර තිබේ. 26 December 2022
පුතාගේ පිහි පහරින් පියා එළොව යයි බිමත්ව පැමිණ මවට පහරදුන් පියා පුතාගේ පිහියකින් ඇන ඝාතනය කොර ඇතැයි මාවනැල්ල පොලිසිය කියයි. 26 December 2022
රෙඩ් වින්ග්ස් මත්තලට පියාඹයි රුසියාවේ රෙඩ් වින්ග්ස් ගුවන් සේවය එළඹෙන 28 වෙනිදා සිට රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව එම ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 26 December 2022
අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට දිවයින හරහා ගමන් කළ පීඩන අවපාතය, අඩු පීඩන කලාපයක් බවට දුර්වල වී ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර, එහි බලපෑම ද ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 December 2022
ගෝඨා ඇමෙරිකාවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ පස් දෙනෙක් ඇමෙරිකා එක්සත් ජනපදය බලා අද පිටත්ව ගියහ. 26 December 2022
වාරික නොගෙව්වොත් වාහන ගන්න හැටි පොලිස්පති කියයි කල්බදු සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත්කර ගැනීමේදී වාහනයේ අයිතිකරු විරෝධය දක්වන්නේ නම් සමාගම් විසින් දිසා අධිකරණයේ නඩු පවරා වාහනය අත්පත් කර ගැනීමට නෛතිතව පියවර ගත යුතු යැයි පොලිස්පතිවරයා නිකුත් කළ නව චක්‍රලේඛයක සඳහන් වේ. 26 December 2022
බිත්තර 55ට විකුණන්න එකඟ වෙයි රුපියල් 55ට බිත්තර විකිණීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 26 December 2022
අධ්‍යාපන පරිපාලනයේ පුරප්පාඩු 800 ක් අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරී පුරප්පාඩු 800 ක් පමණ තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය. 26 December 2022
අයිස් කාරයන්ගෙන් හතරවෙනි තැන ලංකාවට ලෝකයේ වැඩිම ප්‍රමාණයක් පොදු නිවාඩු සහිත රාජ්‍යයන් දහය අතර හතරවෙනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. 26 December 2022
අනුලා මහා රහත් තෙරණිය වන්දනා කරන්න මහා සෙනගක් ඓතිහාසික අනුලා චෛත්‍යයේ සිදු කළ කැනීමිවලින් හමුවු ධාතූන්වහන්සේලා වැඳපුදා ගැනීමට දිවයිනේ නන්දෙසින් මෙහනින් වහන්සේලා 5000 අධික පිරිසක් අද දින වැඩම කර සිටියහ. 26 December 2022
වැස්සෙන් හා සුළඟින් නිවාස 110ක් විනාශයි නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය දිවයින හරහා ගමන් කිරීම හේතුවෙන් ඊයේ (25) දිනය පුරා පැවති තද වැසි සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 4ක නිවෙස් 110 කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 26 December 2022
වැස්සට නැවතුණු දුම්රිය අද සිට යළි ධාවනයට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 26 December 2022
මත්තල ගුවන්තොටුපොළට අභිලාෂ කැඳවයි හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවා ඇතත් තවමත් ස්ථිර ආයෝජකයකු ඉදිරිපත්ව නැතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය 26 December 2022
පසුගිය මාස 11ට 497ක් දෙනකු මරාදාලා මේ වසරේ මුල් මාස 11 තුළ මනුෂ්‍ය ඝාතන 497 සිදුවී ඇතැයි පොලිස් වාර්තාවලින් තහවුරු වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය. 26 December 2022
ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිත පත්කිරීම බ්‍රහස්පතින්දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 26 December 2022
මාස 11කදී 3596ක් උස්සලා කප්පම් ගැනීම් ප්‍රධාන විවිධ හේතු මත පුද්ගල පැහැරගැනීම් 3596ක් මේ වසරේ මුල් මාස 11 තුළ සිදුවී ඇතැයි පොලිස් වාර්තාවලින් තහවුරු වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය 26 December 2022
ගොවීන්ට ඉන්ධන දුන් හැටි එළියට මහ කන්නයේ වගා කටයුතු සඳහා සැප්තැම්බර් සිට දෙසැම්බර් දෙවන සතිය දක්වා ගොවීන්ට ලීටර් 6600 ඉන්ධන බවුසර් 3559කින් ඉන්ධන තොග සපයා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 26 December 2022
නුවරඑළියෙ මන්ත්‍රී බංගලාව ’’හවුස් ෆුල්’’ මන්ත්‍රීවරුන් රැසක් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළියේ මන්ත්‍රී බංගලාව (genaral,s house) වෙන් කරගෙන සිටින අතර මේ වනවිට එහි කාමර සියල්ල පිරී අවසන් බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය පවසයි. 26 December 2022
මාලදිවයින් හිටපු ජනපති වසර 11ක් හිරේට දුෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනා වලට වරදකරු කරමින් මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් හට එරට අධිකරණය වසර 11 ක සිරදඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක දඩයක් නියම කළේය. 26 December 2022
සිවු වසරකට මත්තල පාඩුව කෝටි 2000යි මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2017 වසරේ සිට 2021 වසර දක්වාවූ කාලයේදී රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් ලබා (බදු ගෙවීමෙන් පසු ශුද්ධ අලාභය) ඇතැයි විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 26 December 2022
උතුරේ ගොවිපොළවල් හතරකින් කෝටියක පාඩුවක් තල් සංස්ථාව උතුරේ පවත්වාගෙන ගිය ආදර්ශ ගොවිපළවල් හතරක් පසුගිය වසර පහේ දී එක් කෝටි තිස් තුන් ලක්ෂයක පාඩුවක් ලබා ඇතැයි විගණන වාර්තාවක සඳහන්වේ. 26 December 2022
තිදරු පියා කපා කොටා ඝාතනය කරයි තෙබුවන, ක්ලෝඩන් වත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පොරවකින්, මන්නයකින් සහ යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවත්, කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බවත් තෙබුවන පොලිසිය පවසයි . 26 December 2022
පීඩන අවපාතය දුර්වල වෙයි දිවයින හරහා ගමන් කළ පීඩන අවපාතය මේ වන විට අඩු පීඩන කලාපයක් බවට දුර්වල වී ඇති අතර, එය අද (26) උදෑසන කාලයේ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 December 2022
සහල් වංචාවකට අ‘පුර සතොස ගබඩා පාලිකාව රිමාන්ඩ් අනුරාධපුර සතොස තොග ගබඩාවේ ෙතිබූ රුපියල් හය කෝටි අනූ හත් ලක්ෂයක් පමණ වටිනා නාඩු සහ සම්බා සහල් තොගයක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයකින් අනතුරුව රහස් පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගත් අනුරාධපුර සතොස තොග ගබඩා කළමනාකාරිණිය ලබන ජනවාරි මස 5 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය. 26 December 2022
පොහොට්ටුවේ දෙකක් කරනමකට සැරසෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ළඟදීම විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසෙයි. 26 December 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026