IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුඹුරු අක්කර 5000ක් නියං රකුසාට බිලි

(අංජුල මහික වීරරත්න)

උඩවලවේ ජලාශය යට‌තේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් මේ දිනවල  දැඩි නියඟය හේතුවෙන් විනාශ වී යාමේ අවදානමකට මුහුණ පා ඇතැයි  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ජලය නොලැබීම නිසා කෙසෙල් හා අනෙකුත් බෝග වගාවන්ට සිදුවන හානිය සමස්තයක් ලෙස රුපියල් බිලියන 30ක් බවත් මෙම ප්‍රශ්නය නිසා මේ වසරේ සහල් නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම, මහවැලි, වාරිමාර්ග හා විදුලි බල අමාත්‍යාංශ නිලධාරීන් සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙි බව කීය.

මේ වනවිට සමනල වැව ජලාශයේ ජල ධාරිතාවය MCM 87.9 දක්වා පහත බැස ඇතැයි ද  දින දහයක් ජලය නොලැබුනොත්  එම ජල මට්ටම MCM 60 දක්වා පහත බසින අතර දකුණු පළාතට පැය 01 සිට 03 දක්වා වූ විදුලි කප්පාදුවක් කිරීමට ද සිදුවන බව විදුලි බල මණ්ඩල නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

ජලය ප්‍රමාණවත් නොලැබීම නිසා ඉදිරි සතියක කාලයේ දී  වී වගාවෙන් රුපියල් බිලියන 16.81ක අලාභයකුත්, විදුලිබල නිෂ්පාදනය අඩාලවීම නිසා රුපියල් බිලියන 1.6ක අලාභයකුත් සිදු විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී හෙලිදරව් විය.

කෙසේ වුවද මෙම ගැටළුව සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කර විසඳුමක් ලබා දීම සඳහා පියවර ගැනීමට සාකච්ඡාවේ දී සියලු  එකඟත්වය පළ විය. 



අදහස් (2)

කුඹුරු අක්කර 5000ක් නියං රකුසාට බිලි

සුපුන් Friday, 28 July 2023 07:13 PM

එකම විසඳුම වැස්ස නම් ඔය ගොන් ඇමැතිලා එක්ක සාකච්ඡා කරා කියලා වැස්ස හම්බ වෙනවාද?

:       0       9

සල්ලි Saturday, 29 July 2023 03:31 PM

මහින්ද ඔබේ forecasting බිංදුවයි. ඕක පොඩි ළමයෙක්ට දුන්නා නම් යස අගේට කරයි.. සැප හැලෙන නිසා අකමැති නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site