IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සුඩානයට යන එස්.ටී.එෆ් නිලධාරීන්ට ජංගම ජල පෙරණ යන්ත්‍රයක්

(යොහාන් භාසුර)

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගීවීමට නියමිත පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනුවෙන්, නාවික හමුදා   පර්යේෂණ හා සංවර්ධන ඒකකය නිපදවූ ජංගම ප්‍රති ආශ්‍රැති ජල පෙරණ යන්ත්‍රයක් පිරිනැමීය.

එම බලකාය වෙත නිල වශයෙන් භාරදීම කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර පසුගිය  2022 වර්ෂයේ  දෙසැම්බර් මස 29 වන දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ, ආරක්‍ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහයෝගයෙන්, දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සමඟ සම්බන්ධ වීමට නියමිත  ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ භාවිතය  සඳහා අඩි 20  ප්‍රමාණයේ බහාලුමක් තුල මෙම ජංගම ජල පෙරණ යන්ත්‍රය නිපදවීම නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් ආරම්භ කළේය.

වෙළඳපොලේ පවත්නා මිලට වඩා අඩු පිරිවැයකින් සැලසුම් කර විශේෂයෙන් නිපදවන ලද මෙම ජල පෙරණ යන්ත්‍රය මඟින්  දිනකට ටොන් 60 ක පමණ ජල ප්‍රමාණයක් පිරිපහදු කිරීමේ  හැකියාව ඇති අතර, එහි  නිපදවීමේ  කටයුතු ඉහල ගුණාත්මකභාවයෙන්  යුතුව  සම්පූර්ණ කිරීමෙන් පසුව, මෙලෙස පොලිස් විශේෂ කාර්යය බලකාය වෙත නිල වශයෙන් භාර දුන්නේය.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සමාජයීය මෙහෙවර ව්‍යාපෘතියේ ජ්‍යේෂ්ඨ සම්බන්ධීකාරක, කොමාණ්ඩර් බුද්ධික රන්දිමාල් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (0)

සුඩානයට යන එස්.ටී.එෆ් නිලධාරීන්ට ජංගම ජල පෙරණ යන්ත්‍රයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site