(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බිරිඳට දරුවන් නොමැති නිසා සිත් වේදනාවට පත්ව සිටී බව කියමින් ඇය අදහන ආගමේ දේව ප්‍රතිමා හයකට සහ ඒවා තැන්පත් කර තිබූ වීදුරු කුටිවලට ගල් ගසා හානි කළේ යැයි කියන සැමියකු මනිප්පායි පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පුදුමලේ දකුණු සාවල්කට්ටු ප්‍රදේශයේ පදිංචි කේ සෙල්වකුමාර් නැමැත්තෙකි.
සැකකරු කතෝලික ආගම අදහන කාන්තාවක් සමඟ විවාහ වී වී සිටින අයෙකි.
මානිප්පායි උදයපුරම් ආනකෝට්ටේ ප්‍රදේශයේ මංසන්ධිවල සහ එම ප්‍රදේශයේ නිවාස ඉදිරිපිට- වීදුරු කුටිවල කුටිවල තබාතැන්පත් කර තිබූ මරියතුමියගේ දේව ප්‍රතිමා හයකට යතුරුපැදියෙන් පැමිණි නාඳුනන පුද්ගලයකු විසින් ගල් ප්‍රහාර එල්ල කර හානිකර ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
පොලිසිය මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් හෙළිවූ තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවාහක යුවලකගේ ආසාව සහ ප්‍රධාන ඉලක්කය තමයි දරු සම්පත සහ දරු සුරතල් බැලීම... සානුකම්පිතව සලකාබැලිය යුතු බොහෝම සංවේදී කරුණක්... හොඳ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාදෙන්න පළාතේ හොඳ සමාජ සේවකයෙක් කටයුතු කළොත් ඔහුගේ ඔහුගේ මනසට සහනයක් ලැබේවි...!
අතීතයේ මෙවැනි දේ ගැන අසන්නට නොලැබුනි. අද රටේ මිනිස්සු මෙවැනි තත්වයකට ඇද වැටුණේ මන්දැයි සිතාගත නොහැක.
ජෙරම්ට කිව්වානම් වැඩේ නම් ගොඩදාලා දෙනවා.
බෝන් අගේන් වැනි ආගමික කල්ලි තම මතවාද පැතිරවීම සඳහා ඉලක්ක කරන්නේ මෙවැනි අසරණයින්ය. ආගමික නිදහස යැයි ඒවා නිර්වචනය කිරීමට මානව හිමිකම් ව්‍යාපාරිකයින් සැදී පැහැදී සිටියි....
විද්‍යාව කොතරම් දියුණු වුණත් තවම මිනිසුන් එක එක තැන්වල හිරවෙලා. මානසික වහලුන් වුණාම සත්‍ය අවබෝධ කරගන්න බෑ. දෙදෙනාම වෛද්‍යවරයෙකු මුණ ගැසුණා නම් හේතුව සහ ඊට සරිලන ප්‍රතිකාර ලැබෙනවානේ...