
(අංජුල මහික වීරරත්න)
ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රංශ ජනාධිපතිවරයා ඉතා සුහදශීලිව පිළිගත් අතර පැයකුත් විනාඩි පහළොවකට ආසන්න කාලක් නායක දෙපළ සුහද සහ සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡවක ද නිරත වූහ.
ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
ජාත්‍යන්තර සබඳතාවන්හිදී ප්‍රංශයේ මැදිහත්වීම අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂයෙන් දේශගුණික විපර්යාස අවම කිරීම, විදේශ ණය ප්‍රශස්තකරණය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ගැටලු පිළිබඳ දක්වන සහයෝගය ද අගය කළේය.
මෑතකදී ප්‍රංශයේ පැවැත්වූ නව ගෝලීය මූල්‍ය සම්මුතියක් සඳහා වූ සමුළුව අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාව පිළිබඳව ද ජනාධිපති මැක්‍රොන් මහතා මෙහිදී සිහිපත් කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහය දැක්වීමට ප්‍රංශයේ කැපවීම එමානුවෙල් මැක්‍රොන් මහතා මෙහිදී යළිත් තහවුරු කළ අතර ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ණය හිමියා ලෙස ප්‍රංශය, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සිය සහය ලබා දෙන බවටද ප්‍රතිඥා දුන්නේය.
දේශපාලන, ආර්ථික, සංචාරක, දේශගුණික විපර්යාස, තිරසාර සංවර්ධනය සහ සමුද්‍රීය ක්‍රියාකාරකම් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳව නායකයින් දෙපළ මෙහිදී දීරඝ ලෙස සාකච්ඡා කළහ.
ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වනි සංවත්සරය නිමිති කොට ගෙන, දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා නිශ්චිත ක්ෂේත්‍ර කිහිපයක් ද මෙහිදී හඳුනා ගන්නා ලදී.
සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සඳහා අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම, සංවර්ධනය සඳහා වූ ප්‍රංශ නියෝජිතායතනයක් (AFD) ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම, ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සංවාද ආරම්භ කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ සාගරය ආශ්‍රිත මිනිස් ජාවාරමට මැඩ පැවැත්වීමේ උත්සාහයන් වැඩිදියුණු කිරීම යනාදිය මෙම සහයෝගීතා ක්ෂේත්‍රවලට ඇතුළත් විය.
ප්‍රංශය සාමාජිකත්වය දරණ ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) ඉදිරි සභාපතිත්වය අතරතුර ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රංශය දැඩි උනන්දුවෙන් පසුවන බවද ප්‍රංශ ජනාධිපතිවරයා පැවසීය.
ප්‍රංශය ක්‍රියාකාරීව සහභාගී වන ඉන්දීය සාගර කොමිසම කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.
2023 ජුනි 22 සිට 23 දක්වා ජනාධිපති මැක්‍රොන් විසින් පැරිස් නුවරදී සංවිධානය කළ නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව ඉතා කාලෝචිත බව ඊට සහභාගී වුවෙකු වශයෙන් අගය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තිරසාර අනාගතයක් සඳහා වන ගෝලීය ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කරමින් පැරිස් න්‍යාය පත්‍රයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ එකඟතාව ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය නිල නොවන සංචාරයක් බැවින් අර කොටාට, තට්ටයාට හොඳෑ. බයියන්ට ආතල් දෙන්න ඒ හැර කිසිඳු වටිනාකමක් නැහැ.
පිටරටවල ඉන්න අපිට පෙනෙනවා ලංකාවේ පාලකයින් සහ මිනිස්සුන්ගේ තියෙන දුර්වලකම්... ඔච්චර හැකියාවන් තියෙන පිරිස් ඉද්දී, රට වටේ මුහුද තියෙද්දී ආයෝජකයින් ගෙන්න ගන්න බැරි පාලකයින්, BOI ඉන්න විෂකුරු හොරුන්ගේ බලු වැඩ නිසා. ඉන්දියාව දැන් Chip industry එකට අත ගහනවා, ඒකට ඕනේ training centers ඇරලා රටේ තරුණයින් ඒකට යොමු කරනවා. ආයෝජකයින්ට එන්න එන්න කියලා අවශ්‍ය පහසුකම් ටික දෙනවා. ඒකට අපේ ආයෝජකයෙක් ආවොත් ආයෝජනය කරන මුදලින් කොමිස් එකක් තමයි ඉස්සර වෙලාම ඉල්ලන්නේ... එහෙම කරපු අයගේ නම් ඕනේ නම් මට කියන්න පුළුවන්. සුදු ඇඳගෙන, ආචාර්ය, මහාචාර්ය පට්ටම් ගහගෙන හිටියත් කොමිස් ඉල්ලන කාලකන්නි පාලකයින් ටිකක් අපිට ඉන්නවා. රටේ ඉන්න තරුණයින් පිට රට පටවලා හරියන්නේ නැහැ. උපන් දා ඉඳලා බෙහෙත් පෙත්තේ ඉඳලා රජයෙන් දීලා (දැන් නම් නැහැ, මගේ දරුවන්ට ලැබුනෙත් නැත). හදපු තරුණයින් පිටරට යවලා ඒ සල්ලිවලින් දියුණු වුනේ මොන රටද?
ලෝක නායකයන් සමග සමීප මිත්‍රශීලි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම අගය කරමු.
රාජ්‍ය තන්ත්‍රික සබඳතා අතින් රනිල්ට ලංවීමටවත් කෙනෙකු නැත... සජිත් යනු අතදරුවෙකි. අනුර…. ඔහු ඉපදීවත් නැත
1991 වේ සිට මොහු ටයිපටි පළඳා, කොපමණ රජය නායකයින් පිළිගත්තත්, රටට කරන ලද විනකෙටීම නම් අවසන් නැත. අවසානයේදී පිං ජනපති පට්ටම නම් ඉතිරි විය..
ඔය සම්බන්ධතාවලින් ඇති වැඩේ මොකද්ද? හොඳට හිතලා බලන්න. රටටවත්, අපිටවත් ඇති වැඩක් නෑ. මිනිහා ආවා කියලා තෙල් ගණන් අඩු වුණාද? නෑනේ... මොකුත් නෑ. අපේ ලොක්කා විතරක් ආඩම්බර ඇති ඔබ වගේ මට පුදුම සම්බන්ධතා තියෙන්නේ කියලා. ගත්තු ණයක් මතක් කරන්න ආවද කවුද දන්නේ? ලොක්කාම ඇවිත්. අපේ බයියන්ට ඉතිං මහා ලොකු දෙයක්. රැජිණත් ආවේ ජේ.ආර්. ලොක්කා ඉන්නකොට. නොබැඳි ජාතින්ගේ සම්මේලනය තිබුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඉන්නකොට...