(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට සමහර ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් එල්ල වන්නේ යැයි පැවසෙන ලිංගික හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් එම සේවිකාවෝ පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා පැමිණිලි කළහ.
තමන්ට ඇතැම් ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් කාලාන්තරයක් තිස්සේ විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවත් මෙවැනි දේවල්වලට අවනත නොවන්නේ නම් විවිධ පළිගැනීම්වලට ලක්කරන බවත් එම සේවිකාවෝ පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවී තමන්ට සාධාරණය ඉටු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.
මේ පිළිබඳව අප පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ එවැනි තත්වයක් පවතී නම් තමා ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.
සමහර සේවිකාවන් තම රැකියා නැති වේ යැයි යන බියෙන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පවා බියවී සිටින බව වාර්තා වේ.
මේ අතර මේ සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයටද ලිඛිතව පැමිණිලි කිරීමට කටයුතු කරගෙන යන බව එම සේවිකාවෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් පුදුම වෙන්න දෙයක්ද? සභා ගැබේ කාන්තා මන්ත්‍රීන්ට අකටයුතුකම් වුණේ..! කථානායක ඒකට මොකද කළේ?
ඕක ඉතින් අමුතු දෙයක්ද? ඔතන ඉන්න බොහෝමයක් දේශපාලුවන්ගෙන් ලැබෙන ආදර්ශය මිස වෙන මොකක්ද?
පැමිණිල්ල බාරගත්තු කෙනත් කුකුලෙක් නම් පැමිණිලි කළාට වැඩක් සිද්ද වෙන්නේ නැහැ...!
දෙසිය විසි පහෙන් කීප දෙනෙකුගෙනුත් බේරී ඉන්නවනන් ඒකත් ලොකු වැඩක්නේ. මට නම් සැකයි.
කොන්ද පණක් නැති අය ඉන්නකන් ඕවාට විසඳුම් නෑ.
ඒකත් මඩමක් වෙලාද?