
‘හෙළ ගීත කෝකිලයා’ ලෙස අදටත් ගී ලොවව බැබළෙන නිර්මාණ ඉදිරිපත් කළ ප්‍රවීණ ගායන ශිල්පියකු වූ එච්.ආර්. ජෝතිපාල කලාකරුවාගේ 36 වැනි ගුණ සමරුව වෙනුවෙන් කලා සිත් කලා පදනම සංවිධාන කළ ‘ජෝති රාත්‍රිය’ ගී ප්‍රසංගය හා සම්මාන ප්‍රදානෝත්සවයේදී දශක තුනක් පුරා ශ්‍රී ලාංකේය සංස්කෘතික හා කලාව රැකගැනීම උදෙසා පෑනෙන් ඉටුකළ සමාජ මෙහෙවර වෙනුවෙන් විශේෂ ගෞරව සම්මානයක් ‘ලංකාදීප’ පුවත්පතේ විශේෂාංග කර්තෘ හා සිනමා කලා පිටු සංස්කාරක සමන්ත යහම්පත් මහතාට පිරිනමනු ලැබිණි.
එහිදී එම සම්මානය හිටපු අමාත්‍යවරයකු මෙන්ම ප්‍රවීණ රංගධරයකු, චිත්‍රපට නිෂ්පාදකවරයකු හා අධ්‍යක්ෂවරයකු වන ජීවන් කුමාරතුංග මහතා අතින් සමන්තට පිරිනැමූ අයුරු. මේ අවස්ථාවට කලා සිත් රූ කලා පදනමේ සභාපති දේශමාන්‍ය රෝහණ කොස්තා මහතා ද එක්විණි. මෙහිදී කලාකරුවන් කිහිප දෙනකුට ද සම්මාන පිරිනැමුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටට කරුණක් .පිදිය යුත්තන් පිදිය යුතුයි