(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ පසුගිය 25 වැනිදා පැවැති රැස්වීමට මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් කැඳවා තිබුණත් ඔවුන්ගේ නොපැමිණීම සම්බන්ධයෙන් එම කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ කෙරිණ.
මුදල් අමාත්‍යාංශයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා කැඳවන විට පාර්ලිමේන්තුවට වගකියන අමාත්‍යාංශ ප්‍රධානීන් කාරක සභාව හමුවේ අනිවාර්යෙන්ම පෙනී සිටිය යුතු බව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහිදී දැනුම් දුන්නේය.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 10 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලද 2023 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සලකා බැලීම සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාව එදින මෙසේ රැස්විය.
මුදල් අමාත්‍යාංශය 2023 ජූනි මස මූල්‍ය තත්ත්වය වාර්තාව ඉදිරිපත් කළේය. මෙම වාර්තාවට අනුව, අයවැයේ ප්‍රාථමික ශේෂය සියයට 0.1 ක අතිරික්තයක්වූ බව මුදල් කාරක සභාව පවසයි.
ප්‍රධාන වශයෙන් භාණ්ඩ හා සේවා මත වැට් බද්ද සැලකිය යුතු ලෙස ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ආදායම් එකතු කිරීම වාර්ෂිකව සියයට 41.9 කින් කෝටි 1,31700 දක්වා ඉහළ ගොස් ඇත. පළමු අර්ධය සඳහා වියදම බිලියන 2,560 ක් වූ අතර එය සියයට 40.5 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. විශාලතම වැඩිවීම වී ඇත්තේ දේශීය පොළී වියදම වන අතර එය මේ වසරේ පළමු භාගයේ දී කෝටි 1,27300 දක්වා සියයට 51.6 කින් ඉහළ ගොස් ඇතැයි එහි දැක්වෙන බව කාරක සභාව සඳහන් කරයි
ව්ශේෂයෙන් 2023 පළමු කාර්තුවේ සියයට 11.5 ක ආර්ථික සංකෝචනය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය. එවැනි තත්වයන් සදහා බලපෑ හේතු සහ තවදුරටත් ආර්ථික පසුබෑම වැළැක්වීම සඳහා ගෙන ඇති නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී කමිටුව ප්‍රශ්න කළේය.
ප්‍රමාණවත් දත්ත සහ සංඛ්‍යාලේඛන සමග සූදානමකින් යුතුව කාරක සභාව හමුවේ පෙනි සිටීමේ අවශ්‍යතාව අවධාරණය කළ කමිටුව, තිරසාර ආර්ථික ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම සඳහා නිලධාරීන් වඩාත් වගකීමෙන් සහ නිසි දැක්මක් සහිතව කටයුතු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.
මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, මධුර විතානගේ, හර්ෂණ රාජකරුණා, . ආචාර්ය නාලක ගොඩහේවා සහ මයන්ත දිසානායක යන මහත්වරුද සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
445
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාරක සභාව මුදල් ලොක්කන්ට දෙහි කපයි
පැරකුම් Wednesday, 26 July 2023 04:48 PM
අනේ ඕවට නොයන එකමයි හොඳ. මෙච්චර කාලෙකට ගියයි කියලා මොනවද වෙලා තියෙන්නේ…?