(කේ. බුද්ධික කුමාරසිරි)
පොල් සංවර්ධන මණ්ඩලයට අයත් සේවක අර්ථසාධක මුදල් ලක්ෂ හත්සියයක (කෝටි 7) ක මුදලක් වංචා කිරීමට සහය පල කර අධිකාරී වගකීමක් පැහැර හැරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ වාණිජ අපරාධ විමර්ශනය ඒකකය මගින් අත් අඩංගුවට ගත් පොල් සංවර්ධන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) අරුණ ශාන්ත ජගත්නාථ සිල්වා යන අය හෙට (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්රා ත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (26) දින නියෝග කළාය.
එම සැකකරු චෙක්පත් සදහා මුල් අත්සන් කරැ ලෙස තම අත්සන යෙදීමට පෙර නිවරැදි පුද්ගලයින් වෙත එම චෙක්පත් යොමු වෙනවාද එම චෙක්පත් වල නම් සදහන් පුද්ගලයින් කවුරැන්ද යන්න සොයා බැලීම රාජකාරිමය වගකීමක් බවද සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ වාණිජ අපරාධ විමර්ශනය ඒකකය අධිකරණය වෙත කරැණු දැක්වීය.
එසේම ශ්රිඒ ලංකා ප්රරජාතන්ත්රාවාදී ජනරජයේ මුදල් රෙගුලාසි පනතේ 139 වගන්තිය කඩ කරමින් වංචාවකට සහය පලකර අධිකාරි වගකීමක් පැහැර හැර ලක්ෂ හත්සියයකට ආසන්න මුදලක් පැහැර ගැනීමට අනුබල දී ඇති බවද මෙහිදී කරැණු දැක්විය
එමෙන්ම අදාල මුදල් වංචාව සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නීලා අතපත්තු සහ තමාරා දිල්හානි යන එම ආයතනයේ හිටපු ගණකාධිකාරි සහ කළමණාකාර සහකාර තනතුරැ දැරෑ දෙදෙනා නමට ලක්ෂ තුන්සියයකට ආසන්න මුදලක චෙක්පත් අත්සන් කර ලබා දී ඇති බවත් අදාල ගිණුමෙන් එම නිලධාරීනියන්ට මුදල් ලබා ගැනීමට නෛතික අයිතියක් නොවන පසුබිමක නිවරැදි තොරතුරු පරීක්ෂා නොකිරීම ද මෙම වංචාවන්ට අනුබලයක් වී ඇති බවද මෙහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව මගින් අධිකරණය වෙත කරැණු අනාවරණය කරන ලදී.
වර්ෂ 2015 ත් 2021 සමයේදී මෙම මුදල් වංචාව සිදුව ඇති බවත් මේ වන විට අදාල මූල්‍ය නියෝජ්ය1 සාමාන්‍යාධිකාරීවරයා වැඩ තහනමකට ලක්ව සිටින බවත් මෙහිදී අනාවරණය විය
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පොල් සංවර්ධනයේ හිටපු සාමාන්‍යාධිකාරී රිමාන්ඩ්