(සුමිත් පොතුපිටිය)
ඡ්න්ද නාමලේඛනය ලකුණු කිරීමේ කටයුතු සදහා යමින් සිටී ග්‍රාම නිළධාරීනියට තර්ජනය කිරීම සම්බන්දයෙන් හිටපු කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී වරයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර විලේගොඩ බොට්නික් වත්ත ප්‍රදේශයේ පදිංචි මන්ත්‍රී වරයෙකි.
අංක 718 එතනමඩල ග්‍රාම නිළධාරී වසමේ වැඩබලන ග්‍රාම නිළධාරී එච්.හිරුෂිකා ප්‍රියදර්ශනී යන අය විසින් කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර මන්ත්‍රී වරයා අද කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්. ඉන්ද්‍රජිත් මහතා පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ට චන්ඩි පාට් දාන එක මේගොල්ලන්ගේ රාජකාරියේම කොටසක් වත්ද ?