(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය සඳහා ‘විද්‍යුත් සංචරණ’ සංකල්පය හඳුන්වා දීමේ ජාතික උපදේශන සමුළුව කොළඹ ගලදාරී හෝටල් පරිශ්‍රයේදී අද (26) පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන ආර්ථික හා සමාජ කොමිසම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සමඟ එක්ව සංවිධානය කළ මෙම සමුළුව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීය.
ශ්‍රී ලංකාව තුළ සහ ලොව පුරා පවතින ආර්ථික තත්වය හමුවේ පොසිල ඉන්ධන වෙනුවට විකල්ප බලශක්ති ප්‍රභවයක් ලෙස විදුලියට පරිවර්තනය වීම ශීඝ්‍රයෙන් සිදු වෙමින් පවතින බව කී අමාත්‍යවරයා එවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්‍යුත් සංචරණ ප්‍රතිපත්ති රාමුවක් සැකසීම සඳහා සහාය ලබාදීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයේ ස්තුතියි පිරිනමන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්තික ඔස්තාර් පහුගිය කාලේ කොයිතරම් දේවල් කිව්වද? රු. 2500 කින් මාසයක් ජීවත් වෙන්ඩ පුලුවන් කියලා කිව්වෙත් මෙයාමනේ ?
මගී ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථවල ටැක්සි මීටර සවිකර, නියමිත ටැක්සි ගාස්තුවක් අයකර මගීන්ගෙන් ගසාකන එක නතරකරන්න බැරි ආණ්ඩුව මේ බැරිවැඩ ගැන කතා කරනවා.