IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විදුලි බිල වැඩි කිරීම සාධාරණ දැයි සොයන්න විශේෂ කාරක සභාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා  කොමිෂන් සභාවේ නීති රීතිවලට පටහැනිව විදුලි ගාස්තු සංශෝධනය කර ඇත්දැයි   කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු  විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්  කතානායකවරයාට යෝජනාවක් බාර දෙමින් ඉල්ලා සිටිති.

මේ යෝජනාව  පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද  ඇතුළත් කරනු ලැබ ඇත.

යෝජනාව බාරදී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය, නිදහස ජනතා සභාව සහ  උත්තර ලංකා සභාගය යන පක්ෂවල මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සනින් යුතුවය.

සජිත් පේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල මහාචාර්ය ජී එල් පීරිස්, ගයන්ත කරුණාතිලක, නීතීඥ චන්දිම වීරක්කොඩි, ආචාර්ය නාලක ගොඩහේවා, ජේ සී අලවතුවල, හර්ෂණ රාජකරුණා, සුජිත් සංජය පෙරේරා, ඩබ්ලිව්එච්  ධර්මසේන, රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, බුද්ධික පතිරණ උදය ගම්මන්පිල තිස්ස අත්තනායක ,එස් එම් මරික්කාර් සහ  වී රාධක්‍රිෂ්ණන් යෝජනාවට අත්සන් කළ මන්ත්‍රීවරු වෙති.

ලංකා විදුලිබල මණ්ඩලයේ  ගාස්තු සංශෝධනයේ  නීත්‍යානුකූලභාවය විමසා බලා නිත්‍යානුකූල නොවන බවට හඳුනාගතහොත්  වගකිවයුත්තන්ට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහාත් පහළ පන්තියේ පාරිභෝගිකයන්,ගෘහස්ථ ආගමික හා පුණ්‍යායතන පාරිභෝගිකයන්ට සහන සලසමින් ගාස්තු ව්‍යුහයක් සකස් කිරීමට නිර්දේශ  ඉදිරිපත් කිරීම සඳහාත්  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි එම මන්ත්‍රීවරු මෙම යෝජනාවෙන් වැඩිදුරටත්  ඉල්ලා සිටිති.

මෙම කාරක සභාව පිහිටුවීම සඳහා  ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතය.



අදහස් (0)

විදුලි බිල වැඩි කිරීම සාධාරණ දැයි සොයන්න විශේෂ කාරක සභාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 444 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site