IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුහුණු අධිකාරියේ ’’ටැබ්’’ 950ක් නිලධාරීන්ම බෙදාගෙන

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියට දුරකතන සේවා  සමාගමකින්  2018 සහ 2021 වසරවලදී   ලබාදී තිබු ටැබ් පරිගණක යන්ත්‍ර 950 ක් සහ  සිම්පත්  කිසිදු අනුමැතියකින් තොරව එම අධිකාරියේ විවිධ තනතුරු දරන නිලධාරීන් බෙදා ගෙන තිබූ  බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

සේවයෙන්  ඉවත්වූ  නිලධාරීන් 35 දෙනකුගෙන් ටැබ්  පරිගණක යන්ත්‍ර  ආපසු ලබා ලබාගැනීමට කටයුතු කර නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

මේ අතර බඳවා ගැනීමේ පටිපාටියට පටහැනිව ආයතනයේ අධ්‍යක්ෂ තනතුරට බඳවා ගෙන ඒ අරමුණට පරිබාහිර  කාර්යභාරයක් ඉටු කරමින් සිටි නිලධාරියකුට 2021  ජූලි සිට 2022 අගෝස්තු දක්වා  රුපියල් ලක්ෂ විසි එකකට වැඩි වැටුප් හා දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර නිපුණ  ශිල්පීන් ලක්ෂයක ගෙන් යුත් බහු කාර්ය සාධන බළකායක් පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා  ලක්ෂ 47 ක පමණ මුදලකින් ස්ථාපනය කර ඇති පරිගණක පද්ධතිය 2022 දෙසැම්බර් 31 වැනිදා  වනවිටත් ක්‍රියාත්මක තත්වයෙන් නොපැවතුණ  බව පවසන එම කාර්යාලය මෙම පාඨමාලාවේ පුහුණුලාභීන්ට  සහතිකපත් 32,505ක් නිකුත් කිරීමෙන් තොරව අධිකාරියේ රඳවාගෙන තිබූ බව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ  2021 කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (4)

පුහුණු අධිකාරියේ ’’ටැබ්’’ 950ක් නිලධාරීන්ම බෙදාගෙන

පැරකුම් Tuesday, 25 July 2023 04:34 PM

පුළුවන්නම් මෙවන් අක්‍රමිකතා නැති රාජ්‍ය ආයතනයක් සොයා දෙන්න…!

:       0       0

Tikiri Tuesday, 25 July 2023 04:58 PM

බලාගෙන යද්දී පෙන්නේ ලංකාවේ පරිපාලනයේ සහා රාජ්‍ය ආයතනවල ඉන්න හැම හැත්තම පල් හොරු කියලා . මේ මහජන මුදල් නේ මුන් විනාශ කරන්නේ . ශාප වේවා මුන් ඔක්කොටම !

:       0       0

පුරවැසියෙක්.... Tuesday, 25 July 2023 06:24 PM

මෙවන් ක්‍රියාවන් සිදු කළ වංචනික නිලධාරීන්ට නීතිමය ක්‍රියාමාර්ග නොගෙන රටේ ජනතාව දැනුවත් කිරීමේ ඵලය කුමක්දැ යි යන්න විමසීමට සිදුව ඇත.

:       0       1

Bamunuarachchi Tuesday, 25 July 2023 07:06 PM

රජයේ සේවයේ ඉන්නේ පට්ට හොරු. ටැබ් ටික උන්ගේ ළමයින්ට දීල ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site