’’පොළී අනුපාතිකයේ වෙසනක් වෙන්නෙ නෑ’’ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (24) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇත. 25 January 2023
හොර ජිප් රියක් බෝකුන්දරින් අල්ලයි නීතිවිරෝධී අයුරින් ආනයනය කර ව්‍යාජ ලියාපදිංචි අංකයක් සවිකර පරිහරණය කරමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් සමග පුද්ගලයකු පිලියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසලදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි. 25 January 2023
අදත් සවස තද වැසි බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 January 2023
ගම්පෙළ බැංකුවක සල්ලි පෙට්ටිය කොල්ල කයි ගම්පොල නගරයේ ප්‍රධාන පුද්ගලික බැංකුවකට අද අලුයම එකට පමණ කඩා වැදුණු ආයුධ සන්නද්ධ කොල්ල කණ්ඩායමක් ආරක්ෂකයා ගේ හිසට ගිනි අවියක් තබා බියකර පුටුවක ගැටගසා එහි තිබූ මුදල් තැන්පත් යන්ත්‍රය රැගෙන නවීනපන්නයේ වෑන් රථයකින් පලා ගොස් ඇතැයි ගම්පොල පොලිසිය පවසයි . 25 January 2023
නවසීලන්තයේ නව අගමැති දිවුරුම් දෙයි කම්කරු පක්ෂයේ නායක ක්‍රිස් හිප්කින්ස් නවසීලන්ත නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (25) දිවුරුම් දී තිබේ. ක්‍රිස් හිප්කින්ස් පසුගිය 22 වැනිදා කම්කරු පක්ෂයේ නායකයා ලෙස තේරී පත් විය. 25 January 2023
මැකෝ ඡන්දෙට සල්ලි ඉල්ලා මහ බැංකු අධිපතිට ලියයි. මැතිවරණ කටයුතු සඳහා ඉන්ධන සහ විදුලිය අඛණ්ඩව සැපයීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ප්‍රමාණවත් ප්‍රතිපාදන සපයා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කළේය. 25 January 2023
එස්.එස්.පීගේ පහර කෑ සී.අයි රෝහලේ කැබිතිගොල්ලෑව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිගේ පහරදුන් බව කියමින් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල් ගත කර ඇත. 25 January 2023
මැතිවරණ කල් දාන පාලකයන්ට ඉතිහාසයේ කුණු කූඩය උරුමයි මැතිවරණ කල් දමන සෑම පාලකයකුටම උරුම ඉතිහාසයේ කුණු බක්කිය බව තමාගේ පෞද්ගලික අදහස බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි. 25 January 2023
සොරාගේ සොර බඩු සොරා ගත්තේ කවුද හිගුරක්ගොඩ නගරයේ වෙළදසල් දෙකක් කඩා එහි භාණ්ඩ සොරාගෙන ඒ් ආසන්නයේ නවතා තිබූ පාපැදියක පටවාගෙන යන අතර තුර තේ එකක් බීමට කඩයකට ගිය අවස්ථාවේ තවත් සොරකු එම සොරාගත් භාණ්ඩ සමග යතුරු පැදිය සොරා ගෙන යෑමේ පුවතක් හිඟුක්ගොඩ පොලිසියෙන් වාර්තා වේ 25 January 2023
පාර්ලිමේන්තු පාරෙනුත් යන්න බය වෙච්ච අය දැන් චන්ඩි වෙලා ජනතාව පෝලිම් වල දුක් විඳිමින් අසීරුතාවයකට මුහුණ දී සිටි සමයේ පාර්ලිමේන්තු පාරෙන් වත් යන්නට බිය වූ දේශපාලකයන් දැන් රට යහපත් අතට ගෙන එන එමින් සිටියදී බලය ලබා ගැනීමට කුරුමානම් අල්ලන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 24 January 2023
පවුල් අවුලෙන් බිරිය පිළිස්සෙයි සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබාගත් සිව්දරු මවක සහ එය නිවීමට ගිය සැමිය ගින්නෙන් පිලිස්සී කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. 24 January 2023
ඡන්දයකට සූදානම් වන්න ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය. 24 January 2023
රට රැකියා ඒජන්සි ගැන දැඩි තීරණයක් විදේශ සේවා නියුක්ති කාරයාංශය යටතේ ලියාපදිංචි වී ඇති විදේශ රැකියා ඒජන්සිවල බලපත්‍ර තදින් අදීක්ෂණය කිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අනු කමිටුවේදී දැඩි අවධානය යොමුවිය 24 January 2023
වාලච්චේනේ අනතුරකින් දෙකක් මරුට හතරකට තුවාල පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාලච්චේන රිදීතැන්න ප්‍රදේශයේදි වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරෙන් වෑන් රථයේ අසූවියති රියදුරු සහ මාස 4ක් වයසැති පිරිමි දරුවකු මියගොස්, කාන්තාවන් සිව් දෙනකු බරපතළ තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බව වාලච්චේන පොලිසිය කියයි. 24 January 2023
වෛද්‍ය බෙල්ලන හිර කළ අයට වැඩ වරදී රජයේ වෛද්‍ය නිලධාරීන් සංසදයේ සභාපති සහ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධය දක්වමින් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය පසුගියදා ඒ මහතාගේ නිළ කාර්යාල වටලා පැය 5 ට ආසන්න කාලයක් සිරකරගෙන සිටීම සම්බන්ධයෙන් මරදාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. 24 January 2023
ඇමති දුම්රිය ගැටළු විසඳන්න වසරක් ඉල්ලයි දුම්රිය ගැටලු විසඳීම සඳහා තමන්ට වසරක කාලයක් ලබාදෙන්නැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 24 January 2023
සන්ධ්‍යා එක්නැලිගොඩ ‘දේව කන්නලව්වක’ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වී 13 වැනි වසර වෙනුවෙන් ඒ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ‘යුක්තිය අහිමි අප සැමට යුක්තිය පතා’ යන තේමාව යටතේ මෝදර කාලි කෝවිල අභියක අධිෂ්ඨාන සත්‍යාක්‍රියාවක අද (24) නිරත වූවාය. 24 January 2023
බිත්තර කෑ දරුවන්ට බඩේ අමාරුවක් බිත්තර ආහාරයට ගැනීම නිසා මහනුවර ප්‍රදේශයේ ළමා නිවාසයක කුඩා දරුවන් කීප දෙනකු සහ තවත් දරුවන් කීප දෙනකු අසාත්මික තාවයකට ලක්ව මහනුවර රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 24 January 2023
උඩුගම්පොළගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනීම උදෙසා මෙහෙයුම් කිරීමේ අරමුණින් අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්ෂක නිවාසයක රැදී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි කළ බවට චෝදනා කරමින් හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහි නඩුවෙන් විත්ති වාචක නොකැඳවාම ඔහු නිදහස් කරන්නැයි කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ප්රතික්ෂෙප කළේය. 24 January 2023
දයාසිරි සී.අයි.ඩී යයි තම අත්සන ව්‍යාජ ලෙස භාවිතා කර මෙවර මැතිවරණයට නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළේය. 24 January 2023
ඡන්දය ඉල්ලා මුජිබර්ගෙන් පෙත්සමක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වාහාම සියලු පියවර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 24 January 2023
මැතිවරණ වියදම් සීමා කිරීමට මැකෝ ගෙන් උපදෙස් පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. 24 January 2023
සිසුවිය සමග මාරයා බසයෙන් එයි පාසල නිම වී, සිසු සැරිය බස් රථයෙන් පැමිණ තම නිවස අසලින් බස් රථයෙන් බිමට බැසීමට ගිය පළමු වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක් එම බස් රථයට යටවී අවාසනාවන්ත ලෙස අද (24 දා) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇති බව පරසන්ගස්වැව පොලිසිය පවසයි. 24 January 2023
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ලොක්කා කාමරයේ හිරකරයි නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය ආයතන මූලස්ථානයේ සේවකයන් පිරිසක් මෙම වසරේ කපාහැරි වෛද්‍ය නිවාඩු දීමනාව ගෙවන ලෙස බලකරමින් එම ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා කාර්යාලයේ සිර කළේය. 24 January 2023
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරි මාස හයේ අවසන් ශ්‍රී ලංකාව ලබාගත් සියලුම ණය ආපසු ගෙවීමට කැපවී සිටින බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඉදිරි මාස 6 දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත. 24 January 2023
යාපනයේ කල්ලි දෙකක් ගැටේ යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර අද (24) දින චුන්නාකම් ප්‍රදේශයේදී වාහනද භාවිතා කරමින් සිදු වූ ගැටුමකින් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසයි. 24 January 2023
බදු නැති කළොත් අයි.එම්.එෆ් නැති වේවි පනවා ඇති නව බදු ඉවත් කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතවීමට නොහැකි වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 24 January 2023
මහජන උපයෝගිතා කොමිසම නීතිපති උපදෙස් පතයි කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ක්‍රියාත්මක නොකරන බවත් ඒ පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ගැනීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇති බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (24) පැවසීය. 24 January 2023
ටිකට් නැතිව ගියාට අයි.ඩීය තියා ගන්න බෑ ප්‍රවේශපතක් නොමැතිව දුම්රියේ යෑමේ චෝදනාවට පුද්ගලයෙක්ගේ ජාතික හැදුනුම්පත සහ ජංගම දුරකථන භාරයට ගැනීමට දුම්රිය ආරක්ෂක අංශයට නීතිමය බලයක් නොමැති යැයි ‘ලංකාදීප’ කළ විමසුමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා පැවසීය. 24 January 2023
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව නැවතත් පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (25 සහ 26) දින දෙකේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (24) පැවසීය. 24 January 2023
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026