
(සුමිත් පොතුපිටිය)
බස් රථ සහ දුම්රිය මගීන්ගේ ගමන් මළු සහ ජංගම දුරකථන සොරාගන්නා පුද්ගලයකු ලැප්ටොප් සහ ජංගම දුරකථන 37 ක් සමග ඊයේ (29) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර දිසාව අපරාධ කොට්ඨාශය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
දුම්රිය සහ බස් රථවල රාක්ක මත ගමන් මළු සහ ලැප්ටොප් සහිත බැග් තබා නිදාගන්නා මගීන් සහ වෙළද සැල් වල තබන ගමන් මළු ඉලක්ක කරගනිමින් සැකකරු සොරකම් සිදුකර ඇති බව වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.
සැකකරු විසින් සොරකම් කල ජංගම දුරකථන 32 ක් සහ ලැප්ටොප් යන්ත්‍ර 5 ක් සොයාගත් බවත්, ඔහු අත්අඩංගුවට ගන්නා මොහොතේ කුඩා ප්‍රමාණයේ හෙරෝයින් මත්කුඩු පැකට් කිහිපයක්ද තිබූ බවද පොලිසිය කීය.
ප්‍රදේශයේ ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කීය.
සැකකරු පොලිස් වසම් කිහිපයක තාවකාලිකව නවාතැන් ගෙන කලක පටන් ජාවාරම කරගෙන ගොස් ඇති බවත් පොලිස් ස්ථාන කිහිපයකට අවශ්‍ය කර සිටී සැකකරුවෙකු බවත් සදහන් වේ.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.
අධ්‍යක්ෂක (වැබ) සහකාර පොලිස් අධිකාරී යූඩීඑල් ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක වරුන්වන උපුල් හර්ෂ සහ කේ. එම්.ඩී.මධුෂාන් , සැරයන් වරුන්වන ගුනේන්ද්‍ර (55301), ප්‍රසන්න (69479), ජයසුරිය (69615) කොස්තාපල් වරුන්වන තුෂාර (79335), අංජුල (98857) වැටලීමට එක්වූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඇල්ලුවට දඬුවමක් නෑනේ
අනේ 21 වැනිදා මගේ ෆෝන් එකත් නැති උනා.ඒක තියනවද බලන්න මගේ No 0701611385 .මම පොලිස් ඇන්ට්‍රියක් දැම්මා