(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් තිරිඟු පිටි ආනයනය තහනම් කරමින් පැනවූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බවත් එසේ වුවද තිරිඟු පිටි ආනයන බද්ද ඉහළ දමා ඇති බවත් අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවග්ගේ සංගමයේ උපදේශක පැරකුම් අබේසේකර මහතා අද (30) ‘ලංකාදීප’යට පැවසීය.
තිරිඟු පිටි ආනයනය බද්ද කිලෝවකට රුපියල් 16 ක් ලෙස පැවැති බවත් එය රුපියල් 27 ක් දක්වා ඉහළ දමා ඇති බවත් අබේසේකර මහතා කීය.
ඉන්දීය තිරිඟු පිටි ආනයනය මීට මාසයකට පමණ පෙර තහනම් කිරීමට ආනයන හා අපනයන පාලකවරයා කටයුතු කළ අතර ඒ හේතුවෙන් තිරිඟු පිටි මිල ඉහළ ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිඟු ඇට ගෙනල්ලා පිටි කරන සමාගම් වලින් රනිල්ගේ මැතිවරණ අරමුදලට ලැබෙන බිලියන ගණන රැක ගන්න.