
(යොහාන් භාසුර)
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙක්ට මරු කැඳවූ ‘මෙනින්ගොකොකල්’ නමැති බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
අදාල රෝගියා ජාඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහු රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ ආයතනයක සේවය කරන්නෙක් බවත් දැනගන්නට තිබේ.
එම පුද්ගලයාට ඇති වූ උණ තත්ත්වයක් හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත්ව ඇති බවත් එම රෝගියාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එමෙන්ම මෙම පුද්ගලයා සේවය කළ ස්ථානයේ ආශ්‍රිතයන් 30 ක් පමණ පරීක්ෂා කර ප්‍රතිජීවක ඖෂධ දුන් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජයේ බොහෝ දෙනා ලෝභ, ද්වේශ, මෝහ පාප ධර්මයන් කරන විට විවිධ ලෙස සමාජය රෝගී වෙති.