ජනතාව වෙනුවෙන් ඉදිරියට එන අය සිරගත කිරීම කනගාටුදායකයි රටේ බදු බර වැඩිකර විදුලි බිල වැඩි කර ජනතාවට ජන ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි මොහොතක රටේ දුක්විදින පොදුජනතාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ව සිරගත කිරීම සම්බන්ධයෙන් තමා අතිශය කණගාටු වන බවත් සිරගත කර සිටින ආනන්ද පාලිත සහ සංජීව ධම්මික යන මහත්වරුන්ට රටේ අධිකරණ පද්ධතිය විසින් සාධාරණයක් ඉටු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (25) පැවසීය. 25 January 2023
කබ්රාල්ට එරෙහි පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගනියි ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක (රුපියල් කෝටි 211) මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ පුද්ගලික පැමිණීල්ලක් අද (25) ඉල්ලා අස්කර ගත්තේය. 25 January 2023
එච්.එම්.එම් රූමි සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය එච්.එම්.එම් රූමි මහතා සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කොට තිබේ. 25 January 2023
පසුගිය වසරේ ලාදුරු රෝගීන් 1,325ක් ශ්‍රී ලංකාව ලාදුරු තුරන් කළ රටක් වශයෙන් සහතික කර ඇතත් පසුගිය වසරේ ද ලාදුරු රෝගීන් 1,325 දෙනකු වාර්තා වී ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. 25 January 2023
පොලීසියට ඇති චෝදනා පොලීසියම නැතිකර ගත යුතුයි මත්ද්‍රව්‍ය නැති කිරීමට නම් පොලීසියේ ඇතැම් නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ඇති සබඳතා නැවැත්විය යුතු යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 25 January 2023
දවස් තුනට බිත්තර නඩු 64 ක් බිත්තර අළෙවි සම්බන්ධයෙන් පසුගිය දින තුනක් තුළ රට පුරා කළ වැටලීම්වලින් වෙළෙදුන් 64 කට නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවත් එම නඩු අතරට වැඩි මිලට බිත්තර විකිණීමට නඩු 36 ක්, මිල ප්‍රදර්ශනය නොකිරීමට නඩු 26 ක් සහ සන්තකයේ තබාගෙන බිත්තර නොමැති යැයි පැවසීමට නඩු 2 ක් ඇතුළත් බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් අද (25) පැවසීය. 25 January 2023
සජිත්ට - රංජිත්ට මාර්තු 31 තෙක් කල් දෙයි සමගි ජනබලවේගයේ සභාපති හා මහ ලේකම් ධූර දැරීමෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් වළකාලන්නැයි ඉල්ලමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවරූ නඩුව සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන මාර්තු 31 වැනිදා ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළාය. 25 January 2023
ඡන්ද අපට අදාල නෑ පළාත් පාලන මැතිවරණය මේ අවස්ථාවේ තිබිය යුතු ද නැද් ද, බදු අසාධාරණ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මහ බැංකුවට අදහසක් ප්‍රකාශ කළ නොහැකි යැයි මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 25 January 2023
බදු එකතු කරන පද්ධතිය නතරවී කෝටි දාහක් වතුරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) නමැති මෘදුකාංග පද්ධතිය ආරම්භ කිරීම සඳහා රුපියල් කෝටි 1000 ක් වැයකර ඇතත් එය මේ වනවිට අක්‍රිය තත්වයේ පවතින බව තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පවසයි. 25 January 2023
ඩී.අයි.ජී. නාලකගේ වැටුප ගැන අධිකරණයෙන් නියෝගයක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අනිවාර්ය නිවාඩු යවා ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට සම්පූර්ණ වැටුප් ගෙවීමේ හැකියාව සොයා බලන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය. 25 January 2023
යට ඇදුමේ දුම්කොළ හංගාගෙන කළුතර මහාධිකරණයට ඇවිත් මාට්ටු යට ඇදුමේ සගවාගෙන කළුතර මහාධිකරණ පරිශ්‍රය තුලට දුම්කොල රැගෙන ආ පුද්ගලයෙකු අද දහවල් අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි . 25 January 2023
සර්වපාක්ෂික හමුවක් හෙට ජනපති ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් හෙට (26) පස්වරු 4.00ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වේ. 25 January 2023
අයි.එම්.එෆ් ණය මාර්තුවේ ලැබේවි ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් අපෙක්ෂිත ණය බොහොදුරට ලබන මාර්තු මාසයේදී ලබාගත හැකි වනු ඇතැයි අපෙක්ෂාකරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 25 January 2023
උපයනවිට බද්දට මහ බැංකු සේවකයෝත් එරෙහි වෙති උපයනවිට ගෙවීමේ බද්ද ඉතා අසාධාරණ ලෙස ඉහළ නංවා ඇතැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයෝ පිරිසක් තාවකාලිකව සේවයෙන් ඉවත්ව අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වූහ. 25 January 2023
යුරෝපයේ දේවගැති දළදා සමිදු වැඳ පුදා ගනී යුරෝපයේ රදගුරු පදවියේ ප්‍රධාන දේවගැති රොබට් ඉනස් බිෂොප් පියතුමන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතරතුර මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැද පුදා ගත්තේය . 25 January 2023
රුපියල හිස ඔසවයි ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි මහතාගේ ලෝකයේ වැඩි වශයෙන් අවප්‍රමාණය වූ මුදල් ඒකක පිළිබඳ නවතම දර්ශකය පෙන්වා දී ඇත. 25 January 2023
ගල්අඟුරු ගන්න බැංකු දෙකක් සමඟ සාකච්ඡා නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ආනයනය කිරීමට අවශ්‍ය මුදල් සපයාගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ණය ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත් ඉදිරි මාස තුන තුළ ගල්අඟුරු නෞකා 21 ක් ආනයනය කිරීමට සැළසුම් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 January 2023
වෛද්‍යවරයාගෙන් කාන්තාවන්ට අමුතු බෙහෙතක් කුරුණෑගල දිසාවේ ප්‍රධාන පෙළේ රජයේ රෝහලක ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා තමන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන කාන්තාවනට ලිංගික අපයෝජනයට ලක් කරන බවට වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ. 25 January 2023
ඉන්දියාව-ලංකාව එක්ව ගමනක් යා යුතුයි ඉන්දියාව 2047දීත්, ශ්‍රී ලංකාව 2048දීත් සමරනු ලබන නිදහසේ ශත සංවත්සරය දක්වා ගමනේදී දෙරට සහයෝගීතාවයෙන් සහ එක්ව ඉදිරියට යාම ඉතා වැදගත් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පැවසීය. 25 January 2023
උපයන විට බද්දට ඛණිජතෙල් සේවකයෝ විරෝධයේ අසාධාරණ ලෙස වැටුපෙන් අඩු කරන ලද උපයන විට බදු ප්‍රතිපත්තිය ට විරුද්ධව ඛණිජතෙල් වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ඛනිජ තෙල් සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (25) පැවැත්විය 25 January 2023
ව්‍යවස්ථා සභාවේ සුළු පක්ෂ නියෝජිතයා ගැන එකඟත්වයක් නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කළ යුතු විපක්ෂයේ සුළු පක්ෂවල නියෝජිතයා සම්බන්ධයෙන් එම සභාවේදී අද (25) සාකච්ඡා කර ඇතත් ඒ පිළිබඳව අවසාන එකඟතාවක් ඇති නොවුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 25 January 2023
ලංකාවේ ඩොලර් ගෙවල් විකිණීම තවත් පුලුල් කරයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සදහා නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රවර්ධන කටයුතු ජාත්‍යන්තර මට්ටමින් ඇරඹූ බව අමාත්‍යාංශය පවසයි. 25 January 2023
ශ්‍රී ලන්කන් 9කට තනතුරු දී කෝටි ගණන් දීමනා රාජ්‍ය ආයතනවල උසස්වීම් සහ වැටුප් ඉහළ දැමීම නවතා තිබියදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාලක මණ්ඩලය ආණ්ඩුව සහ වරාය හා ගුවන් සේවා අමත්‍යංශය නොමඟ යවමින් මෙහෙයුම් නිලධාරීන් නව දෙනෙක්ට උසස්වීම් දී ඔවුන්ට පසුගිය වසරේ රුපියල් කෝටි 3 කට අධික දීමනා ගෙවා ඇති බව එහි වෘත්තිය සමිති ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. 25 January 2023
උසස් පෙළට ලයිට් කැපුවාට ලොක්කො 2ක් මානව හිමිකම් කොමිසමට උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට පියවර නොගැනීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුගත් ධර්මකීර්ති සහ මහජන උපයෝගිතා කොමසමේ සභාපති ජනත රත්නායක යන මහත්වරුන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිස වෙත අද (25) පෙරවරුවේ පැමිණි බව එම කොමිසම කියයි. 25 January 2023
ඖෂධ අක්‍රමිතා සම්බන්ධ වැටලීම් වැඩි කරනවා ‘කොවිඩ්’ වසංගතයත් සමඟ තරමක පසු බෑමකට ලක්වූ ඖෂධ සම්බන්ධ වැටලීම් මෙම වසරේ ඉහළ දමන බවත් පාසල් ආශ්රිත මත්පෙති අළෙවි සම්බන්ධයෙන් විශේෂයෙන් කටයුතු කරන බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥා වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අද (25) පැවසීය. 25 January 2023
බල්ලාගේ වෙඩි පහරින් රියදුරා මරුට ඇමෙරිකා එක්සත් ජනපදයේ බල්ලෙකු කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කර ඇත. 25 January 2023
ඇමෙරිකාවේ පාසලක බල්බ 7000ක් නිවන්න බෑ ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනේචොග් උසස් පාසලේ මාස 18 ක කාලයක සිට පැය 24 පුරා දැල්වුණු විදුලි බල්බ 7000 ලබන මාසයේ නිවා දැමීමට හැකියාව ලැබෙනු ඇතැයි එම පාසලේ බලධාරීන් ප්‍රකාශ කර තිබේ. 25 January 2023
අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත. 25 January 2023
වසන්ත මුදලිගේ අධිකරණයට අරගල සමයේ ජනාධිපති මන්දිරයට ඇතුල්වීමේ නඩුවේ 73 වන සැකකරු ලෙස බන්ධනාගාර ගතකර සිරකර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ කොටුව අධිකරණයට අද (25) ඉදිරිපත් කෙරිණි. 25 January 2023
ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී මහ කන්නෙ ගොයම් කහ පැහැ වීමට හේතු අටන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ. 25 January 2023
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026