
(නිමල කොඩිතුවක්කු)
අවදාමට ලක් වූ ජනතාව සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් වර්තමාන රජය හා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කර නොමැති අවස්ථාවක එවැනි සමීක්ෂණයක් එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදු කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (31) පැවසීය.
නිසි සමීක්ෂණයකින් තොරව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් වත්මන් රජය අස්වැසුම වැනි වැඩසටහන් පවා ක්‍රියාත්මක කරන්නේ එවැනි විධිමත් සමීක්ෂණයකින් තොරව බවත් විපක්ෂ නායකවරයා කීවේය.
මෙි නිසා සමාජය තුළ අවුල් ජාලා ඇති වී රට කෑලි කැලිවලට බෙදන අවුල් ජාලාවක් බවට අස්වැසුම වැඩසටහන පත්ව ඇති බවත් "එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදු කරන ලද Understanding Multidimensional Vulnerability Impact on People of Sri Lanka සමීක්ෂණ වාර්තාව විපක්ෂ නායකවරයාට බාර දිමට එම සමීක්ෂණය සිදු කළ පුද්ගලයන් පැමිණි අවස්ථාවේ දී ඔහු පැවසීය.
දරිද්‍රතාවයට විසදුමක් ලෙස අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වුවත් ඉන් පැහැදිලි විසදුමක් ලැබී නොමැති බවත් ඒ නිසා රට තුල බෙදිමක් ඇතිව තිබෙන බවත් විපක්ෂනායකවරයා එහිදී කීවේය. බංකොලොත් රටෙි රජය විසින් හොරකම දූෂණය සිදු කරන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පවා රටට බාල බෙහෙත් ගෙන්වූ බවට පිලිගත් බවත් රජයේ මුදල් යොදවා බාල බෙහෙත් රටට ගෙන්වීමට කටයුතු කල පුද්ගලයන් හෙලිදරව් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සෞඛ්‍ය ඇමතිවයාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව ගෙනඑන විට ජාතික ඖෂධ නියාමන අදිකාරියේ සභාපති කට ඇරි බවත් පැහැදිලිවම ජනාධිපතිවරයා පුමුඛ රජය ඊට වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මේ අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත Ms Azusa Kubota, Dr Sabina Alkire( Director -Oxford Poverty and Human Development Initiative (OPHI), University of Oxford), සමාජ විද්‍යාව පිලිබද මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා, Mr. Fadhil Bakeer Markar ( Team Leader, UNDP) සහ Ms. Tshokey Zangmo, Researcher, (OPHI) එක් විය.

2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේ රජය ලැජ්ජා විය යුතු යි.
charith Friday, 01 September 2023 09:43 AM
බලයේ ඉද්දි, ආණ්ඩුවෙ ඉද්දි මේ දේවල් පෙන්නේ නෑ, ඇහෙන්නෙ නෑ, විපක්ශ උනාම ජනතාව ගෑන පුදුම දුකක් අපේ රටේ "දේශපාලුවන්ට" ඈතිවෙන්නේ...........