(ටී.කේ.ජී.කපිල )

ආසියානු ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා පකිස්තාන සහ නේපාල ක්‍රිකට් කණ්ඩායම් දෙක අද(31) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .

ඔවුන් පකිස්තානයේ මුල්ටන්සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 1230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම ක්‍රිකට් කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළුව 80 දෙනෙකු පමණ පිරිසක් පැමිණ සිටියහ .

ඔවුන් වෙනූවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ මෙන්ම , විශේෂ ආරක්ෂක රිය පෙළක් මගින් මහනුවර පල්ලෙකැලේ වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි

එළඹෙන 02 දින පකිස්තානය සහ ඉන්දියාව අතර තරගයත් , 04 දින ඉන්දියාව සහ නේපාලය අතර තරගයත් පැවැත්වීමට නියමිතය .