(මහින්ද නිශ්ශංක හා ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මාර්ග අංක 907 හලාවත මීගමුව පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය අවසන්කි රීමට සීමාසහිත හලාවත මගී ප්‍රවාහන සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව අද (31) උදේ සිට සාමාන්‍ය පරිදි එම මාර්ගයේ පෞද්ගලික බස් ධාවනය ආරම්භ කළ බව එම මගී ප්‍රවාහන සමාගමේ සභාපති චමින්ද හංස  මහතා පැවසීය.

එම මාර්ගයේ ධාවනය කෙරෙන ශ්‍රී ලංගම බස් රථ රියදුරෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සේවකයකු පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම අසාධාරණ බ ව පවසා ඊයේ (30) බස් වර්ජනය ආරම්භ කළ බව ඔහු කීහ.