
(ඉන්දිකා රාමනායක)
විවිධ ගිනි අවි වලට යොදන උණ්ඩ සහ හිස් පතුරම් කොපු ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදා සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනකු අකුරණ නගරයේ දී අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර කරගස්තැන්න පළමුවන රයිෆල් බලකායට අයත් කෝප්‍රල්වරයෙකු සහ සාජන් මේජර් වරයෙකි.
අලවතුගොඩ පොලිසිය විසින් අකුරණ නගරයේ දී සැකකටයුතු ත්‍රි රෝද රථයක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මෙම උණ්ඩ සොයාගෙන ඇත.
බෝර 12 ජීව උන්ඩ හතක්, ටී-56 වර්ගයේ උණ්ඩ අටක්, තවත් උණ්ඩ කිහිපයක් තිබූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd