IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හොර යතුරු පැදියෙන් හොරකම් රැසක් එළියට

(බි.ජී.චතුරංග)

ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් ලඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ වැඩි දුර විමර්ශනයකදී සොරකම් කරන ලද තවත් යතුරු පැදියක් සහ යතුරු පැදි 9ක අංක තහඩු තොගයක් සමග සැකකරුවකු  අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි.

ව්‍යාජ අංක තහඩු සවි කර තිබූ යතුරු පැදියක් ලඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බව පොලීසිය මෙහිදී සදහන් කළේය.

එම සොරකම සම්බන්ධයෙන් සිදු කළ වැඩි දුර විමර්ශනයකදී රක්ෂිත බන්ධනාගාර ගත කළ ඉහත පළමු සැකකරු සමඟ එක්ව මෙම සොරකම්වල නිරත වූ ගම්මාන අංක 5, සමගිපුර ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවකු සොරකම් කරන ලද යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

එම සැකකරුගෙන් සිදු කල වැඩි දුර ප්‍රශ්න කිරීම්වලදී සොයා ගත් එම යතුරු පැදිය ගාලදිවුල්වැව ප්‍රදේශයෙන් සොරකම් කළ බවත් තවත් යතුරු පැදියක් ඔයාමඩුව ප්‍රදේශයේදී සොරකම් කර බවත්, මේ වන විට එම යතුරු පැදිය ශ්‍රාවස්තිපුර ප්‍රදේශයට උකස් කර ඇති බව අනාවරණය වූ බව පොලිසිය කියයි.

අනතුරුව එම උකස් මධ්‍යස්ථානය තුළ සිදු කල සෝදිසියකදී එම යතුරු පැදිය වෙනත් අයකු රැගෙන ගිය බවට එහි හිමිකරු ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, කල වැඩි දුර සෝදිසි කිරීමකදී යතුරු පැදි නවයකට අදාල NW - BV- 6677, NC TJ- 9921, NC BFG - 3172, NW MR - 4481, NC BWZ - 8897, WP MH - 6493, NC ME - 6638, NC UJ -7117, NC BFG - 1929 අංක දරණ යතුරු පැදි අංක තහඩු තොගය හමුවූ බව පොලිසිය සඳහන් කළේය.

 



අදහස් (0)

හොර යතුරු පැදියෙන් හොරකම් රැසක් එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site