
(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ නගර මධ්‍යයේ ප්‍රධාන පාසලකට සිය දරුවන් රැගෙන යාමට පැමිණ සිටි අයකුට නාදුනන තුවක්කුකරුවන් අද (31) දහවල් තැබූ වෙඩි පහරකින් ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ රන්දොඹේ පදිංච් විකුම් සිල්වා නමැති මුදල් පොලියට දෙන හතලිස් එක් හැවිරිදි අයකුට බවද පොලීසිය කියයි.
වෙඩි වැදුණු පුද්ගලයා සිය මෝටර් රථයෙන් අම්බලන්ගොඩ නගර මධයයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන දරුවන් රැගෙන යාමට පැමිණ සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මොහුට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
නාදුනන තුවක්කුකරුවන් වෙඩි වැදුණු තැනැත්තා සිය මෝටර රථය හරවා ගෙන ඒමට පාසල් මාවත දිගේ යමින් සිටියදී ඔහු පසු පස ලුහු බැද ගොස් මෝටර් රථය තුලදීම ඔහුට වෙඩි තබා ඇති බවත් වෙඩි කෑ ඔහු පාර දිගේ දිවවිත් අදුනන අයකුගේ යතුරු පැදිකයින් පැමිණ රෝහල්ගතව ඇති බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවන් රැගෙන යාමට ආ තාත්තාට අම්බලන්ගොඩදී වෙඩි