තිහගොඩ ප්‍රාථමිකයේ සෙනුදි 195 ගනී “කාල සටහනකට අනුව වේලාව වෙන් කර ගෙන පාඩම් වැඩ ඒ දවස තුලම සිදු කලා.අධ්‍යාපන කටයුතු වගේම බාහිර ක්‍රියාකාරකම් ද සමබරව සිදු කලා. උත්සාහවන්තව වැඩ කලොත් අපි බලාපොරොත්තු වන ඉලක්කයට පහසුවෙන් යා හැකියි යැයි මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගත් තිහගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ඩබ්ලිව්.කේ.සනුදි සෙනෙත්මා (10) සිසුවිය පැවසුවාය. 27 January 2023
රෙජි රණතුංග ප්‍රාථමිකයේ තරුෂ 195යි මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගනිමින් ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට මිනුවන්ගොඩ, රෙජී රණතුංග ප්‍රාථමික විදුහලේ තරුෂ නෙත්සර ඩයස් සිසුවා සමන්ව ඇත. 27 January 2023
කොමිෂන් සභා ගැන සදුදා තවත් තීරණයක් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 30 වෙනිදා සඳුදා නැවතත් රැස්වීමට නියමිතය. 27 January 2023
දිසා රැසකට අදත් වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද (27) විටින් විට වැසි ඇතිවන අතර, හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 January 2023
හෙක්ටයාරයකට වාර්තා ගත අස්වැන්නක් මෙවර යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 27 January 2023
සතුන්ට අටවන්න ගිය වෙඩිල්ල තමන්ට පත්තු වේ යාපනය මිරුසුවිල් ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි වැදීමෙන් මියගොස් ඇතැයි කොඩිකාමම් පොලිසිය පවසයි. 27 January 2023
නිදහසට එන අය බේරෙන් නාවන්න ගිය සමාජ ක්‍රියාකරු අල්ලයි ’’ ඔබත් 75 නිදහස් උලෙළේ ආරාධිත අමුත්තෙක් ද ? එසේ නම් ජනතා උත්තමාචාර මැද බේරේ වැවේ දිය කෙළීමට සූදානම්ව පැමිණෙන්න යැයි පවසමින් මුහුණුපොතේ( පෝස්ට්) අදහස් පළ කළ අරගලයේ ක්‍රියාකාරිකයකු මහරගම දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි. 27 January 2023
ගින්නෙන් තරුණ මව කුඩා දරුවන් දෙදෙනා මරුට මහමාන්කඩවල,වැවපාර ප්‍රදේශයේ නිවසක අද අළුයම සිදුවු හදිසි ගින්නක් හේතුවෙන් මව,දියණිය හා පුතා පිලිස්සි මිය ගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි. 27 January 2023
පන්නිපිටියේ කෙනිත 198ක් ගනී මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු එකසිය අනූ අටක් ලබා දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලබාගැනීමට පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබන කෙනිත නෙත්බිනු පෙරේරා සිසුවා සමත්ව තිබේ 27 January 2023
හම්බන්තොට රෝහලට අසාධ්‍යයි වෛද්‍යවරු 38 රෝහල හැර යති හම්බන්තොට මහ රෝහලට පැමිණෙන රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග එකසිය විස්සකට වැඩි ප්‍රමාණයක් රෝහලෙහි නොමැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 26 January 2023
‘‘එකඟතා කැඩුවොත් අධිකරණයට යනවා‘‘ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට එකඟ වූ පරිදි වගකිවයුතු ආයතන කටයුතු නොකළහොත් ‘කොමිෂන් සභා අධිකාරියට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරදට’ ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 26 January 2023
වෛද්‍ය සභාවේ සභාපති ඇතුළු හතරකගේ ධූර බල රහිත කරයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහ සභාපති මහාචාර්ය වජිර දිසානායක මහතා එහි සාමාජිකයන් සිවු දෙනකු සිය ධුරවල කටයුතු කිරීම බල රහිත කරමින් අභියාචනාධිකරණය රීට් ආඥාවක් නිකුත් කළේය. 26 January 2023
දෑස් නොපෙනුනත් ශිෂ්‍යත්වයෙන් වැඩ දමයි විශේෂ අවශ්‍යතා ඇති දරුවන් අධ්‍යාපනය හදාරන කෑගල්ල අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයේ දෑස් දෙකම නොපෙන ශිෂ්‍යයකු බ්‍රේල් ක්‍රමයට විභාගයට පෙනී සිට මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 168 ක් ලබාගෙන ඇත. 26 January 2023
මහජන උපයෝගීතා කොමිසමෙන් මානව හිමිකම් කොමිසමට ලිපියක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ ඇති විධානයට අනුව අද (26) සිට ලබන පෙබරවාරි මස 17 වැනිදා දක්වා අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළදී කිසිදු විදුලිය විසන්ධි කිරීමේ ඉල්ලීමකට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය නොදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මානව හිමිකම් කොමිසමට ලිපියක් මගින් දැනුම් දී තිබේ 26 January 2023
මවගේ අනුදැනුමින් 15 දැරිය සල්ලාලයන්ට විකුණලා මවගේ අනුබලය ඇතිව 15 හැවිරිදි දැරියක ගණිකා වෘත්තීයේ යෙදවීම සම්බන්ධයෙන් සැකපිට දැරියගේ මව සහ තවත් පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසයි. 26 January 2023
ජනපති නිදහස් සැමරුමේ වියදම් කපයි නිදහස් උළෙල සැමරීමට අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී හා වියදම් කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම දේශපාලන අධිකාරියේ සේම නිලධාරීන්ගේ ද වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 January 2023
ආනන්ද හිමි, විමලඤාණ හිමිට එරෙහිව පැවැරූ නඩුව නිෂ්ප්රභා කරයි තමන්ගේ කීර්තිය සිදුවු හානියට සහ තමන්ට වු සිත්තැවුල වෙනුවෙන් රුපියල් කෝටි 10ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් පත්බේරියේ විමලඤාණ හිමියන්ට එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවරූ නඩුව ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කිරීමට කොළඹ දිසා විනිසුරු පුර්ණීමා පරණගම මහත්මිය නියම කළාය. 26 January 2023
කළුතර මන්ත්‍රී කාර්යාලයට කුලී ගෙවා නෑ කළුතර ප්‍රබල දේශපාලකයකු පක්ෂ කාර්යාලයක් ලෙස බණ්ඩාරගම සමරනායක මාවතේ පවත්වාගෙන නාගරික සංවර්ධන අධිකාරියේ දෙමහල් ගොඩනැගිල්ලට මාස හයකින් කුලී මුදල් නොගෙවීම නිසා එම ගොඩනැගිල්ල අත්පත් කර ගත් බව නාගරික සංවර්ධන අධිකාරිය කියයි. 26 January 2023
වරාය නගරයේ සිට මීගමුවට කුලුණු මත ‘මෙට්‍රෝ’ දුම්රියක් කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා දුම්රිය ස්ථාන 25 ක් සංවර්ධනය කෙරෙමින් ඉදිකිරීමට යෝජිත කුළුණු මත දිවෙන මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ආයෝජනයෙන් අදහස් විමසීය. 26 January 2023
උපයන විට බද්ද ගැන තීරණය කල් තියයි මහාධිකරණ විනිසුරුවරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්රාත්වරුන්ගේ වැටුපෙන් උපයන විට බදු අය කිරීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය. 26 January 2023
‘රෝහල් තොරතුරු පද්ධතිය’ ගන්න 15 ක් ඉන්දීය සවාරියක නාරාහේන්පිට පිහිටි රජයට අනුබද්ධ ප්‍රධාන රෝහලක ‘රෝහල් තොරතුරු පද්ධතිය’ (එච්.අයි.එස්.) මිලදී ගැනීම සඳහා එම රෝහලේ නිලධාරීන් 15 දෙනෙක් පමණ ඉන්දියාවට ගොස් ඇති බව එහි සේවකයෝ චෝදනා කරති. 26 January 2023
විරෝධතා ගොනු කරන්න ඩයනාට කල් දෙයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු ගොනුකර තිබූ රිට් පෙත්සමට විරෝධතා ගොනු කිරීමට පෙබරවාරි 17 වැනිදා දක්වා කල් ලබා දීමට අභියාචනාධිකරණය අද (26) නියෝග කළේය. 26 January 2023
ජනපති කර්මාන්ත විප්ලවයක් ගැන කතා කරයි හතරවන හා පස්වන කාර්මික විප්ලව වල නව කර්මාන්ත තාක්ෂණය හා මුසුවූ ඩිජිටල් ආර්ථිකය ඉක්මවා යාමට අවශ්‍ය නවීන තාක්ෂණය කර්මාන්ත වලට හඳුන්වා දෙමින් කාර්මික අධ්‍යාපනික හා පුහුණු අවස්ථා වැඩිදියුණු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 January 2023
ඉන්දිය ජනරජ දිනය වෙනුවෙන් ඉන්දියාවේ 74 වැනි ජනරජ දිනය නිමිත්තෙන් විශේෂ සමරුම් උත්සවයක් කොළඹදී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී අද පැවැත්විණි. 26 January 2023
එස්.එස්.පී හතරකට ඩී.අයි.ජී වගකීම් පොලිස් කොට්ඨාස හතරක් බාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු සිවු දෙනෙක් දිසා හතරක නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වගකීම් ඉටු කිරීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පත් කරනු ලැබ සිටිති. 26 January 2023
ජල නළය පිපිරී 76 පියා මරුට අලුතෙන් එලන ලද ජනනළ පද්දතියක පීඩනය පරික්ෂා කරද්දී නළයක් පුපුරා යෑමේන් 70 හැවිරිදි පුද්ගලයකු එම ජලපහරට හසුවි බෝක්කුවෙන් පහලට ඇදවැටි බරපත තුවාල ලබා මාවනැල්ල මූලීක රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මරණයට පත්ව ඇතිබව මාවනැල්ල පොලිසිය පවසයි. 26 January 2023
කැන්දන් ආ දිනයේම මනාලිය මනාලයාගේ කන කාලා විවාහයෙන් පසු දෙවැනි ගමන නිමා කොට නිවසට පැමිණි මනමාලයා මිතුරකු සමග බියර් එකක් පානය කලයි උරනවූ මනමාලිය මනමාලයාට පහර දී කන සපා කෑල්ලක් කඩා විවාහය නිමා කළ සිද්ධියක් ගම්පොලින් වාර්තා වේ. 26 January 2023
‘කළු සතියට’ පක්ෂව අදත් තැන තැන විරෝධතා ආණ්ඩුවේ නව බදු ක්‍රමයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයන්ගේ එකමුතුව ක්‍රියාත්මක කරන ‘කළු සතිය’ට සමගාමීව මහ බැංකු, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු, සහ වරාය ඇතුළු ක්ෂේත්‍ර රැසක නිලධාරීහූ මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරු අද (26) දිනයේ ද විරෝධතා පැවැත්වූහ. 26 January 2023
මානව කොමිසම එපා කිවුවත් මණ්ඩලය ලයිට් කපයි විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවා නොමැති බවත් එම මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවීමට එකඟ වී නොමැති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා අද (26) පස්වරුවේ පැවසීය. 26 January 2023
වෘත්තිය සමිති ක්රියාකාරිකයින්ට ලක්ෂ 5ක ඇප මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කර තර්ජනය කළැයි කියන සිද්ධියට අදාළ වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු වන ආනන්ද පාලිත සහ සංජීව ධම්මික යන අයවලුන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (26) නියෝග කළේය. 26 January 2023
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026