(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව දැන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු කොටසේ ප්‍රධාන තුන්දින ක්‍රිකට් තරගාවලිය සහ අන්තර් සමාජ පළමු කොටසේ ‘බී’ තුන්දින තරගාවලි ද ඇතුළුව සියලුම තරගාවලි අත්හිටුවූ බවත් ක්‍රීඩා අමාත්‍යවරයා අභියාචනා උපදේශක කමිටුවේ නිර්දේශයක් අනුමත කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අගෝස්තු 25 වනදා ලිඛිත උපදෙස් දී තිබූ ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.