(නිමන්ති රණසිංහ)
ටෙලි නාට්‍ය නාට්‍ය අධ්‍යක්ෂවරියක වන සුධර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් බාරයේ දී ගෘහ සේවිකාවක මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිකඩ පොලීසියේ සැරයන්වරයකු හා කොස්තාපල්වරුන් දෙදෙනා ලබන 11 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා නියෝග කළේය.
සැරයන්වරයා ඔහුගේ හිඟුරක්ගොඩ නිවසේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු කොස්තාපල්වරුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු මිට පෙර රිමාන්ඩ් බාරයට පත් කළේය.
මෙම සිද්ධියෙන් මියගියේ රාජන් රාජ් කුමාර් නමැති කන්තාවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය ලොකු නෝනා... ඕකට සම්බන්ධයක් ඇත්තේම නැද්ද?
ලොකු නෝනට ඉහළින් තව පොලිසියට බලපෑම් කරපු අය ඉන්නවලු.