(යොහාන් භාසුර)
ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට සාපේක්‍ෂව බස් ගාස්තුව සියයට 4 කින් ඉහළ දැමූ බවත් රුපියල් 30 ක අවම බස් ගාස්තුව වෙනස් නොවන බවත් ජාතික ගමනාගමන කොමිසමේ උසස් නිලධාරියෙක් අද (1) පැවසීය.
එම බස් ගාස්තු සංශෝධනය අද (1) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද එම නිලධාරියා කීය.
බස් ගාස්තු මිල සූත්‍රයට අනුව අවම ගාස්තු රුපියලකින් ඉහළ දැමිය යුතු වුවද එය ඉහළ නොදැමීමට බස් සංගම් නියෝජිතයන් ද එකඟ වූ බව කී එම නිලධාරියා සෙසු බස් ගාස්තු ද ඉතාම සුළු වශයෙන් ඉහළ යන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක වෙළඳ පොලේ තෙල්මිල ඉහළ යනකොට මෙහෙත් ඉහළ දාන්නයි, ඒ ගානට බස් ගාස්තුත් ඉහළ දාන්නයි ජනාධිපති කෙනෙක් මොකටද නන්දේ කියලා අහපු සත්තු ටික මේ පැත්තට එන්න.
දැනට දෙවතාවකදී සහ වෂයෙන් තෙල් මිල අඩු කළත් බස්ගාස්තු පහළ දැම්මේ නෑ... නමුත් තෙල්මිල ඉහළ ගිය ගමන් ගාස්තු ඉහළ නග්ගනවා... මේක මරන් කෑමේ ක්‍රමවේදයක්...!