දේශබන්දුට සිතාසි අරගලය පැවති අවස්ථාවේදී කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදල මහජන ආරක්ෂක ඇමැතිවරයාට භාර දෙන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී සාපරාධී විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියකට අදාළව ලබන පෙබරවාරි මස 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අද (26) සිතාසි නිකුත් කළේය . 26 January 2023
බිත්තර මිල සූත්‍රය කෝප් කමිටුවට බිත්තරයක නිෂ්පාදනය සඳහා යන පිරිවැය සැලකිල්ලට ගෙන බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් වෙළෙඳ හා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් විසින් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) ඊයේ (25) ඉදිරිපත් කරනු ලැබීය. 26 January 2023
පරිවාස නිලධාරින් 325කට සාමවිනිසුරු පත්වීම් වින්දිතයන් බවට පත්වන දරුවන්ට නෛතික කටයුතුවලදී අවශ්‍යවන දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමේදී සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට පරිවාස නිලධාරීන්හට සාම විනිසුරු පත්වීම් ලබා දීම අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සහ ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය වන පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ( 19) පාර්ලිමේන්තුවේදී සිදුවිය. 26 January 2023
ජපානයෙනුත් කොළ එළියක් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග වලදී චීනය සහ ඉන්දියාව සහභාගී වීම තහවුරු කිරීම සඳහා පැරිස් සමාජයේ ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සම්බන්ධීකරණය සිදු කරමින් වසර 70 කින් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ජපානය දැඩිව වෙහෙස වී කටයුතු කරන බව ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මුදල් නියෝජ්‍ය අමාත්‍ය මසාතෝ කන්ඩා මහතා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත. 26 January 2023
ණය වාරික ගෙවීම ගැන චීනය තහවුරු කරයි චීන එක්සිම් (අපනයන සහ ආනයන) බැංකුව ශ්‍රී ලංකාවට ණය දීර්ඝ කිරීමක් ලබා දුන් බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. 26 January 2023
නියමුවන් 85කට ශ්‍රී ලන්කන් එපා වෙයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් එහි ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා අධිකාරියෙන් සහතික කිරීමේ ලිපි අයදුම් කර ඇති බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 26 January 2023
’’මට තොප්පි දෙකක් තියෙනවා’’ තමාට තොප්පි දෙකක් තිබෙන අතර එම තොප්පි දමාගත් විට මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසුද?නැද්ද? යන කාරණය පිළිබඳව මත දෙකක් ඇති වන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 26 January 2023
ලංකාවට මූල්‍ය සහතිකයක් දෙන්න සූදානම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය සහතික අවශ්‍ය කාලයේදී ලබා දීම සඳහා සලකා බැලීමට පැරිස් සමාජයේ සාමාජිකයකු ලෙස එක්සත් රාජධානිය සුදානමින් සිටින බව එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා අමාත්‍ය ඈන් මරී ට්‍රවෙලියන් මහත්මිය පසුගිය 24 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත. 26 January 2023
චාල්ස්ගේ ඉල්ලා අස්වීමෙන් ඡන්දෙට බාධාවක් නෑ සාමාජිකයකු ඉල්ලා අස්වීමෙන් මැතිවරණ කොමිසම අඩපණ වන්නේ නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 26 January 2023
බිරිය පෙන්නා කොල්ල කෑ සැමියා ඇතුළු පහක් මාට්ටු වීදි ගණිකාවක් ලෙස බිරිය පෙන්වා විවිධ පුද්ගලයන් රවටා පාලු ස්ථානවලට රැගෙන ගොස් කොල්ලකන සැමියා බිරිද ඇතුලු සැකකාර හතර දෙනකු මොරටුව මෝදරදී අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය පැවසීය. 26 January 2023
අහසින් ආ ගල නිවුන් සිඟිත්තන්ගේ - ගැබිණි මවගේත් දිවි බේරා වහලය කඩයි කිලෝමීටරයක පමණ දුරින් පිහිටි ගල්වළක දැමූ ගල්වෙලිල්ලක් හේතුවෙන් විසිවූ ගල් කැබැල්ලක් නිවසක වහළට වැටී හානි සිදු වෙද්දී මාස හතරක් වයසැති නිවුන් දරුවන් හා ගැබිනි මවක අනූ නවයෙන් බේරී ඇතැයි 26 January 2023
දියවන්නාවේ ඔරුවක් පෙරළී අයෙක් අතුරුදන් පාර්ලිමේන්තුව අසළ කිඹුලාවල ප්‍රදේශයේ දියවන්නා ඔයේ අධි ආරක්ෂක කලාපයේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි දෙදෙනකු ගමන්ගත් ඔරුවක් පෙරලීමෙන් අයෙකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි 26 January 2023
’’සාමාජිකාවක ඉවත් වුණත් පුංචි ඡන්දයට බලපෑමක් නෑ’’ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක ඉවත්වීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය. 26 January 2023
ලංකා කෙසෙල්වලට චීනයේ හිත යයි ලංකාවෙි කෙසෙල් විශේෂ කිහිපයක් තෝරාගෙන ඒවා චීන වෙළෙඳපොළට අපනයනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් බව චීන රජයේ නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය. 26 January 2023
අටමස්ථානාධිපති හිමිට සන්නස් පත්‍රය ජනපති අතින් අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන්ට සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍යෝත්සවය සෙනසුරාදා (28) සවස 2.30ට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැත්වේ. 26 January 2023
අදත් සවස තද වැසි බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 January 2023
කුකුලන් 240ක් උස්සලා හතරලියද්ද පොල්වත්ත ප්‍රදේශයේ කුකුළු ගොවිපලකින් හොඳින් වැඩුණ කුකුළන් 240 දෙනකු සොරකම් කරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 26 January 2023
10 සිසුවිය මවක වෙයි එරාවුර් ප්‍රදේශයේ පිහිටි පාසලක 10වැනි වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක සිය නිවස තුළදී දරුවකු ප්‍රසූත කර ඇතැයි පොලිසිය පවසයි. 26 January 2023
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. 25 January 2023
රැඳවියාට අකර තැබිබක් මරණීය දණ්ඩනය නියම වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා ඇති රැඳවියෙකු තවත් රැඳවියකුට මහා දවාලේදි බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 25 January 2023
කෝටි 87 ගිල්ල ගාල්ල ශ්‍රවණාගාරය ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ශ්‍රවණාගාරයක් ඉදිකිරිම සඳාහා රුපියල් කෝටි 87. 5 ක මුදලක් වැයකර තිබුණද එහි වැඩ නිම නොකිරිම නිසා එම මුදල නිෂ්කාර්ය වියදමක් වී ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. 25 January 2023
බෙල්ල කපා වායුරයිෆලය රැගෙන යයි බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි වායු රයිෆල් සහ ක්‍රීඩා උපකරණ අලෙවි කිරීමේ වෙළඳ සැලකට පෙරේදා 24 වෙනිදා හවස පැමිණි නාඳුනන පුද්ගලයකු එහි සේවකයකුගේ ගෙල ප්‍රදේශය තියුණු ආයුධයකින් කපා වායු පිස්තෝලයක් පැහැර ගෙන පලාගොස් ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි. 25 January 2023
දෙහිවල ගල්කිස්ස හිටපු නගරසභා මන්ත්‍රී ඝාතනයට ‘කොටියා‘ අත්අඩංගුවට දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු මන්ත්‍රී රන්ජන් සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වසර හතරකට පසු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි 25 January 2023
සෙල්ලම් පිස්තෝල රුසියන් යුවළගේ ගමන නවතයි රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රුසියානු ජාතික යුවළක් රැගෙන ආ ගමන් මල්ලේ සෙල්ලම් පිස්තෝල වලට සමාන උපකරණ දෙකක් තිබී කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් සොයා ගන්නා ලදි. 25 January 2023
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙි. 25 January 2023
‘කළු ජනවාරිය සැමරුම’ දා මාධ්‍ය වෘත්තිකයන් සුරැකීමට එක්ව පෙරට’යන තේමාව යටතේ ‘කළු ජනවාරිය සැමරුම’ 24 සවස 4.00 සිට බොරැල්ල, නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී පැවැත් විණි. 25 January 2023
උසස් පෙළ අවසානය දක්වා විදුලිය කැපීම අත්හිටුවයි අපොස උසස් පෙළ විභාගය හේතුවෙන් අද (25) සිට විභාගය අවසන් වන ලබන පෙරවාරි මස 17 වැනිදා දක්වා විදුලිය කප්පාදුව අත්හිටුවීමට බලධාරීන් එකඟ වූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද (25) පස්වරුවේ පැවසීය. 25 January 2023
ජාතික ජනබලවේගය අනුරපුර සමාරම්භක උළෙල හිස් ගොඩක් වෙයි ජාතික ජනබලවේගය පළාත් පාලන මැතිවරණයේ සමාරම්භක උළෙල අද (25) අනුරාධපුර කඩ 50 ප්‍රෙද්ශයේදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 25 January 2023
ජනතාව වෙනුවෙන් ඉදිරියට එන අය සිරගත කිරීම කනගාටුදායකයි රටේ බදු බර වැඩිකර විදුලි බිල වැඩි කර ජනතාවට ජන ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි මොහොතක රටේ දුක්විදින පොදුජනතාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ව සිරගත කිරීම සම්බන්ධයෙන් තමා අතිශය කණගාටු වන බවත් සිරගත කර සිටින ආනන්ද පාලිත සහ සංජීව ධම්මික යන මහත්වරුන්ට රටේ අධිකරණ පද්ධතිය විසින් සාධාරණයක් ඉටු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (25) පැවසීය. 25 January 2023
කබ්රාල්ට එරෙහි පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගනියි ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක (රුපියල් කෝටි 211) මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ පුද්ගලික පැමිණීල්ලක් අද (25) ඉල්ලා අස්කර ගත්තේය. 25 January 2023
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026