(ලක්මි කුඩලිගම)
මතුගම, සිරිකදුර මාර්ගයේ තුන්දොලහේන කන්ද ආසන්නයේදී සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් සිදු කළ මෙහෙයුමකදි සුරාබදු නියාමකවරයකුට මත් ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු කඩුවකින් පහරදී මුදල් රුපියල් 245000/=ක් කොල්ලකා පලාගොස් අතැයි මතුගම පොලිසිය සඳහන් කරයි.ෙ
මෙම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජවාරමක් සිදුවන බවට සුරාබදු නිලධාරින්ට ලද තොරතුරක් මත මත්ද්‍රව්‍ය මිලදී ගන්නා මුවාවෙන් වැටලීම සිදු කිරීමට ගිය අවස්ථාවේ සැකකරුවන් සුරාබදු නිලධාරින් උපක්‍රමයක් යොදා කැලෑ ප්‍රදේශයකට ගෙන්වා එක් සුරාබදු නිලධාරයකුගේ අතට කඩුවකින් පහරදී තුවාල සිදුකර මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය පැවසීය.
තුවාල ලැබූ සුරාබදු නිලධාරිවරයා මෙි වන විට කොළඹ ජාතික රෝහලට අතුලත්ව ප්‍රතිකාර ලබන බවත් මේ පිළිබඳව මතුගම පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සැක කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් මතුගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පරාක්‍රම උඩවත්ත මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ...!
ඔය සුරාබදු නිලධාරියෝ පගාව ගහන හොරු... මට නම් කිසිම අනුකම්පාවක් නැහැ. අත නොවේ, බෙල්ලම කපන්න තිබුණේ...