(යොහාන් භාසුර)
වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට සහ රුවැන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කුරුවිට යන කොට්ඨාසවලට නායයෑම්, ගල් පෙරලීම් සහ පස් කඳු කඩාවැටීම් සිදුවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන කොට්ඨාශ වලින් කුරුවිට හා ඇහැලියගොඩ නායයාමට ස්වාභාවික හේතුවලට වඩා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනවා කියලා කියන්න පුළුවන්... බොහෝවිට එම ප්‍රදේශවල මහා පරිමාණයෙන් බැකෝ පතල් නිසා එහෙම වෙනවා කියලා දෙයියන්ගේ මල්ලිට වදින පුදන රාජ්‍ය හා අධිකාරිවලත් සමහරක් කාර්‍යාංශවලත් උතුමන්ට නොතේරුනත් සත්‍ය තත්වය ඒකම තමයි.