IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැල්ලම්පිටියේදී රෝද තුනේ රියැදුරු ඝාතනයේ තොරතුරු එළියට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියැදුරකු ගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බ්ලූමැන්ඩල් රවී නැමැත්තා විසින් මෙහෙය වූ එකක් බවට අනාවරණය වූ බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි .

එම ඝාතනයට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් බ්ලූමැන්ඩල් රවී නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් පරිපාලක ලෙස කටයුතු කරන කොටහේන, කොටහේන වීදිය ප්‍රදේශයේ පුද්ගලයකු හා එම ජාවාරමට සහ ඝාතන සිද්ධියට සෘජුව සහාය ලබා දුන් කාන්තාවක් ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු සන්තකයේ තිබී එම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 17 ලක්ෂ 59000 ක මුදලක් අලුත්ම ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන 9 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් , යතුරු පැදි ත්‍රිරෝද රථ හා ලොරි රථ 21 කට අයත් ආදායම් බලපත්‍ හා රක්ෂණ සහතික 21 ක් විවිධ බැංකු පොත් දහයක් සැකකරුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

 

 



අදහස් (1)

වැල්ලම්පිටියේදී රෝද තුනේ රියැදුරු ඝාතනයේ තොරතුරු එළියට

කිරිපුතා Friday, 01 September 2023 01:27 AM

කොච්චර ඇල්ලුවත් වැඩක් නෑ. පොලිසියේ මහන්සිය අපරාදේ. අර අරහෙට දාපු ගමන් මෙයාලගේ පැත්තට කතා කරන්න එයාලා දැන්ම ලෑස්ති ඇති. අන්තිමට පොලිසියේ මහන්සිය වතුරේ. මේ විදිහට සේරම අපරාධකාරයින් සමාජය තුළම හොඳින් වැජඹෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site