IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජයගනී

(යොහාන් භාසුර)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට තරග ආරම්භ කරමින් පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (31) පැවැති තරගයේදී (දිවා/රාත්‍රී) ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5 කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 165 ක ඉලක්කය ඕවර 39 කදී කඩුලු 5 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ.

සදීර සමරවික්‍රම සහ චරිත් අසලංක සිවුවැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 78 ක සම්බන්ධතාවයෙන් ජයග්‍රහණය පහසුවිය.

චරිත් අසලංක පන්දු 92 කින් හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 62 ක් රැස්කිරීමට සමත් විය.

සදීර සමරවික්‍රම පන්දු 77 කින් හතරේ පහර 6 ක් සමගින් ලකුණු 54 ක් රැස්කළේය. වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගැනිමින් බංග්ලාදේශ පිල අඩපණ කළේය.

බංග්ලාදේශය ශක්තිමත් ස්ථානයක සිටියදී මතීෂ, ප්‍රබලතම පිතිකරු මුෂ්ෆිකුර් රහීම් (13) පස්වැනි කඩුල්ල ලෙස දවාගනිමින් ශ්‍රී ලංකාව තරගයට රැගෙන ඒමට සමත් විය. බංග්ලාදේශය මුෂ්ෆිකුර් රහීම් දැවී යෑමට පෙර ඕවර 32.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 127 රැස්කර සිටියේය.

නජ්මුල් හුසේන් සන්ටෝ අන්තයක් ආරක්‍ෂා කරගනිමින් පන්දු 127 කින් හතරේ පහර 7 කි සමගින් ලකුණු 89 ක් රැස්කළේය.

බංග්ලාදේශ පිල ඕවර 42.4 කදී සියලු දෙනා දැවී 164 (මොහොමඩ් නයීම් 16, නජ්මුල් හුසේන් සන්ටෝ 89, තවුහිට් හිඩෝයි 20, මහීෂ් තීක්‍ෂණ 19/2, මතීෂ පතිරණ 32/4) ශ්‍රී ලංකා පිල ඕවර 39 කදී කඩුලු 5 ට 165 (සදීර සමරවික්‍රම 54, චරිත් අසලංක නොදැවී 62, දසුන් ශානක නොදැවී 14, ශකීබ් අල් හසන් 29/2)

 



අදහස් (0)

ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site