(යොහාන් භාසුර)
කහ උණ සහ මෙනින්ජයිටීස් යන රෝග සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් සෞඛ්‍ය අමාත්‍යංශය සතුව නොමැති බව එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.
අප්‍රිකානු කළාපයේ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට කහ උණ සඳහා එම එන්නත දෙන බවත් ඒ සඳහා ගිවිසුම්ගතව සිටි සැපයුම්කරු නියිත ආකාරයට එන්න නොදීම හේතුවෙන් මෙම තත්වය ඇතිවී තිබෙන බවත් විජේසූරිය මහතා කීය.
සැපයුම්කරුවන් හරහා හැකි ඉක්මණින් එන්නත් තොගයක් ගැනීමට කටයුතු කරමින් සිටින බව ද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd