
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප‍්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බව කී ජනාධිපතිවරයා තරඟකාරිත්වයට මුහුණ දෙමින් නව වෙළෙඳපොළ , විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල ගමන් මඟ අනුගමනය කරන බවද කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ පැවති “ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන දිශානතිය” පිළිබඳ විද්වත් සමුළුව අමතමිනි. තිරසර සංවර්ධන සභාව විසින් මෙය සංවිධානය කර තිබිණි.
ශ්‍රී ලංකාව තවදුරටත් අන් රටවලට බරක් නොවිය යුතු අතර කලාපයේ සෙසු රටවල් සිදු කළ අන්දමින් පවතින සම්පත් භාවිතා කරමින් රටක් ලෙස තනිව නැඟී සිටීමට උත්සාහ කළ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව ජනතාවට බරක් මිස, මෙයා කියන විදියට ලංකාව අන් රටවලට බරක් නොවේ. මෙයා බලයට ආපු දා ඉඳන් සතියට දෙවතාවක් හෝ කොහේ හරි සමුළුවට ගිහින් එහම කරනවා මෙහම කරනවා කියල ලොකුවට පම්බෝරි ගහනවා මිස කරපු දෙයක් නැහැ.
සිද්ධාන්ත හොදයි ප්‍රායෝගිකව කරල පෙන්නන්න. ඊට ඉස්සෙල්ල කොහොමහරි සුලුජාතික චන්ද දිනාගෙන නැවතත් ජනාදිපති වෙන්න බලමුකෝ…! එහෙම හොදයි නේද ජනාදිපතිතුමෝ…?
කතාව දෝලාවෙන් ගමන පයින් කිව්වලු.
තියන සම්පත් චීනයට ඉන්දියාවට දුන්නා නම් ඉවරයි
පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ !
ප්‍රතිව්‍යුහගත කිරීම යනු පුද්ගලිකකරණයයි. සාමාන්‍ය මිනිසුන්ට කිසිවක් නොලැබෙන අතර එය වඩාත් නරක අතට හැරෙන අතර ඇමතිවරුන්ට කොමිස් ලබා ගැනීමේ මාර්ගයකි.
මෙයා රට හදන්නම ආපු කෙනෙක් වගේ...
අනේ මෙයා, මහ බැංකුවේ සල්ලි ටික ආපහු දුන්නා නම්, වෙන කිසි දෙයක් ඕනෑ නෑ. ලඟදිම මිනිස්සු ඔයාව ප්‍රථිව්‍යුහගත කරයි.