‘ඉයර් ෆෝන්‘ කනේ ගැහුවොත් ලෙඩේ දරුවන් අන්තර්ජාලයෙන් අධ්‍යාපනය කටයුතු සිදුකිරීමේදී ‘ඉයර් ෆෝන්‘ භාවිත කිරීම නිසා කනට හානි සිදුවන බව උගුර කන නායස පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පැවැසුවාය. 02 March 2023
අඩු වියදම් මාර්ග හදන පර්යේෂණ කඩිනම් කරයි ශ්‍රී ලංකාව තුළ පවතින මාර්ග නිසි ප්‍රමිතියකින් යුතුව සංවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය සභා හා පළාත් සභා ඇතුළු පළාත් පාලන ආයතන සමගද එකගතාවයකින් යුතුව ජාතික වශයෙන් ක්‍රියාත්මක වන නිසි ප්‍රමිතියක් සහ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 02 March 2023
යුරෝපයෙන් මත්තලට ඇවිත් බල්ගේරියානු සංචාරයකන් 175 දෙනකු රැගත් යුරෝපීය ගුවන් සේවයේ කුලී ගුවන් යානය අද උදෑසන මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය. 02 March 2023
යන්ත්‍ර ක්‍රියාකරුගේ හිස යන්ත්‍රයට හිර වේ වේයන්ගොඩ මුද්දරගම කාඩ්බෝඩ් කම්හලක සේවය කරමින් සිටි සේවකයකු එහි යන්ත්‍රයකට හසු වී මියගොස් ඇතැයි පල්ලේවෙල පොලිසිය කියයි. 02 March 2023
ඩොලරය අදත් පහළට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද(02) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව තවත් පහළ ගොස් ඇත. 02 March 2023
ආයෝජන ගේන්න රටවල් පහකට නාමික තානාපතිවරු මෙරටට ලැබෙන ඍජු විදෙස් ආයෝජනය ඉහළ නංවාගැනීමේ අරමුණින් තෝරාගත් රටවල් 5ක් සදහා ආයෝජන ප්‍රවර්ධන සන්නාම තානාපතිවරු පස්දෙනකු පත්කිරීමට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පියවර ගෙන ඇත. 02 March 2023
බිත්තර නිෂ්පාදකයන්ගේ සභාපතිටත් නඩු බිත්තර වැඩි මිලට අළෙවි කිරීමේ චෝදනාවට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතාට අයත් ගොවිපොළකට ද නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 02 March 2023
රෝද තුනෙන් ඇවිත් යාචක කතගේ දරුවා උස්සයි බම්බලපිටිය නගරයේ පිහිටි සිඟමන් යදිමින් සිටි බව කියන කාන්තාවකගේ මාස එකහමාරක් පමණ වයසැති දරුවා කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනකු පැමිණ පැහැරගෙන ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි. 02 March 2023
යුරෝපා සංගම් නියෝජිතගෙන් කතානායකට ආරාධනයක් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය තානාපති ලාර්ස් බ්‍රෙඩල් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවී සාකච්ඡා පැවැත්වීය. 02 March 2023
පුංචි ඡන්දෙට නම් දුන් රජයේ සේවකයන්ට සහනයක් පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාරදී වැටුප් රහිතව සිටින රජයේ සේවකයන්ට මැතිවරණය තවදුරටත් ගියහොත් වැටුප් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 02 March 2023
ණය ගත් රටවලට අත දෙන්න සූදානම් ශ්‍රී ලංකාව ඇතුළු දැඩි ලෙස ණය බරින් පීඩිත වූ රාජ්‍යයන් වෙත සහාය වීම සඳහ වන බහු පාර්ශ්වික ප්රයත්නයකට ඵලදායි අයුරින් දායකත්වය ලබා දීමට චීනය සුදානම් බව චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රකාශ කර ඇත. 02 March 2023
ඩයනාගේ නඩුවට අදාල සටහන් අධිකරණය ඉල්ලයි ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ නඩුවට අදාළව මේ දක්වා සටහන් කරගෙන ඇති සියලුම ප්‍රකාශවල පිටපත් ලබන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 02 March 2023
ගුවන් සෙබලා ගිනි අවිය විකුණන්න හදලා සීගිරිය ගුවන් හමුදා කඳවුරෙන් සොරාගන ගොස් තිබු ටී 56 ගිනි අවිය සහ මැගසින් දෙකක් රුපියල් ලක්ෂ 4 1/ 2 ක මුදලකට අලෙවි කිරීමට තැත්කළ ගුවන් හමුදා භටයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ හා මනුෂ්‍ය ඝාතනය විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ (1) දඹුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් ගනු ලැබීය. 02 March 2023
ඉන්දු - ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාවයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවය ශක්තිමත්ව දිගුකාලයක් පවතීමට හේතුව පුහුණුව බවත් ඉන්දීය ආරක්ෂක හමුදාවන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 7 ක් වැයකර ශ්‍රී ලංකාවට පුහුණු අවස්ථා 1500 ක් පමණ පිරිනමන බවත් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා පැවසීය. 02 March 2023
පළාත් කීපයකට වැසි තත්ත්වයක් ඌව පළාතේත්, අම්පාර, හම්බන්තොට, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (2) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 March 2023
ත්‍රිවිල් රියැදුරු පැහැරගත් ආසන සංවිධායක අල්ලයි ත්‍රීරෝද රථ රියදුරකු පැහැරගෙන පැහැර ගෙන ගොස් පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියකට සම්බන්ධ බව කියන ප්‍රබල දේශපාලන පක්ෂයක පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවිධායකවරයකු බව කියන පුද්ගලයෙක් බොරැල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් කඩවත රන්මුතුගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය 02 March 2023
10 දැරියට කැත වැඩක් කළ ගුරා මාට්ටු ඇහැලියගොඩ ප්‍රදේශයේ විද්‍යාලයක අවුරුදු 10 වයසැති සිසුවියකට ලිංගික අතවරයක් කළේ යැයි කියන එම පාසලේ ගුරුවරයකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ඇහැලියගොඩ පොලීසිය පවසයි. 02 March 2023
පිස්තෝලයක් සමග යතුරු පැදිකරු මාට්ටු පිස්තෝල අවියක් සඟවාගෙන යතුරුපැදියකින් ගමන් ගත් අයෙක් එම ගිනි අවිය ද සමඟ ග්‍රෑන්පාස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 02 March 2023
පොලිස් මුල් පුටුවට තුන් කොන් සටනක් පුරප්පාඩු වන පොලිස්පතිධූරය සඳහා මේ වන විට තුන්කොන් තරඟයක් ආරම්භ වී පවතියි. පොලිස්පති ධූරය සඳහා මෙම තුන් කොන් තරඟය ඇතිව තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් තිදෙනා අතරය. 01 March 2023
ආයෝජන තොරතුරු ඩිජිටල්කරණයට ජනපතිගෙන් උපදෙස් ආයෝජන තොරතුරු අවශ්‍ය ඕනෑම පාර්ශවයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබා ගත හැකි වන පරිදි ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය. 01 March 2023
හෝටල් සේවකයෝ විරෝධය දක්වති ජනතාව පීඩනයට පත්කරන ජල - විදුලි ගාස්තු ඉහළ දැමීමට සහ අසාධාරණ බදුවලට විරෝධය දක්වමින් හෝටල් සේවක මධ්‍යස්ථානය කොල්ලුපිටිය සංචාරක මණ්ඩලය ඉදිරිපිටදී අද (1) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය. 01 March 2023
රාජ්‍ය අංශයට පෞද්ගලික බැංකු සමග ගණු දෙනුවට අවසර රාජ්‍ය අංශයේ ආයතනවල බැංකු ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලද විවෘත කිරීම සඳහා අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද සවස පැවැසීය. 01 March 2023
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දැඩි දඬුවම් සමගි ජන බලවේග රජයක් යටතේ දේශීය මෙන්ම විදේශීය දක්ෂතම ආරක්ෂක ආයතන සම්බන්ධ කර ගනිමින් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු ම දෙනා නීතිය හමුවට පමුණුවා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 01 March 2023
පෞද්ගලික ආරක්ෂක අංශ ලියාපදිංචි ගාස්තු වෙනස් වෙයි පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය කිරීමේ සහ ලියාපදිංචිය අලුත් කිරිමේ ගාස්තු ඉහළ නංවමින් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 01 March 2023
පූජිතගේ පෙත්සම පූජිතම ඉල්ලා අස්කර ගනී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඒ මහතා විසින්ම ඉල්ලා අස්කරගන්නා ලදි. 01 March 2023
පාස්කු තව නඩුවකින් ජනපති රනිල්ගේ නම ඉවත් කරයි පාස්කු ඉරුදින මුස්ලිම් අන්තවාදීන් විසින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපති, හිටපු අගමැති ඇතුළු නිලධාරීන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් එම බෝම්බ ප්රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් පවරා ඇති නඩු 108 වගඋත්තරකාරීත්වයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය අද තීරණය කලාය. 01 March 2023
හිටපු ජනපති මෛත්රිගේ පෙත්සම විසි වේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බව සඳහන් කරමින් එහි වින්දිතයන් පැවරූ නඩු වලින් තමන් නිදහස් කරන්නැයි ඉල්ලමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගොනු කළ රිට් පෙත්සම කොළඹ සිවිල් අභියාචන මහාධිකරණය රුපියල් 21000 ක නඩු ගාස්තුවකට යටත්ව නිශ්ප්‍රභ කළේය. 01 March 2023
මැකෝගේ ඉල්ලීම යෝජනාවක් හැටියට මැතිසබයට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා ගැනීමට මැදිහත් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාව තමාගෙන් කළ ඉල්ලීම යෝජනාවක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී අද ( 1) එකඟත්වය පළ කළේය. 01 March 2023
ඡන්දය කල් දැමීම ගැන දෙදින විවාදයක් පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක් ලබන 9 සහ 10 යන දිනවලදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (1) තීරණය කළේය. 01 March 2023
රටේ ආර්ථිකය කෑවේ එජාපය නොවේ රටෙි ආර්ථික අර්බුදය ගෙනාවේ එක්සත් ජාතික පක්ෂ නොවන බව අවධාරණයෙන් කිව යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 01 March 2023
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026