
( සිරංගිකා ලොකුකරවිට,ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
ගාල්ල ඉහළ ඩික්සන් පාරේ බෑවුමේ පිහිිටි ගලක් වැලිවත්තේ නිවසකට පෙරැළී යාමෙන් අද (05 ) එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ විජයානන්ද මාවත, වැලිවත්තේ පදිංචි අමරසේන විජේසිංහ නමැති 78 හැවිරිදි තිදරු පියෙකි. ඔහු නිවසේ සිටිය දී ගල් සමඟ පස් කන්දක් නිවෙසේ බිත්තියකට වැටී එයට යට වී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගිය අයගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනකු ද එම අවස්ථාවේ නිවසේ සිට ඇති නමුත් ඔවුන්ට අනතුරක් සිදුව නොමැත.නිවසට යාබද කන්දේ අඩි 15ක් පමණ උසින් පිහිටි ගලක් මෙලෙස පෙරළී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd