(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් දින ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් එක් කළ මහනුවර වලල මධ්‍ය මහ විදුහලේ තරුෂි දිල්සරා කරුණාරත්න සිසුවියට පාර්ලිමේන්තුවේ උණුසුම් සුබපැතුම් අද (5) පිරිනැමිණ.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීම විශේෂ සිද්ධියක්විය.
ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන් මුලින්ම සුබ පැතුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසූවේ පාසල් ශිෂ්‍යාවක ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණය ගැන අධ්‍යාපන ඇමතිවරයා ලෙස තමා සතුටට පත් වන බවයි. මෙම විදුහල ක්‍රීඩා ජයග්‍රහණ රැසක් ගෙන දුන් එකක් බවද ඔහු සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූවේ එම දියණියට ශිෂ්‍යත්වයක් දීමට කටයුතු කරන ලෙසට ඉල්ලන බවයි.
ඊට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍යවරයා ඒ සඳහා කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා එම තරුණියට සමස්ත පාර්ලිමේන්තුවේම ගෞරවය හිමිවන බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට රනින් සැරසූ දියණිව රනින් සැරසීම රටේම වගකීමකි. සුසන්තිකා ජයසිංහ මහත්මියද ඇයට සුබ පැතීමට එක් විය යතුයි .
මල්මිට නං රෝල් කරලා... එක්කො ඕන නෑ. ඒ දිරිය දියණියට ඇගේ පාසලට සහ පුහුණුකරුට අවශ්‍ය පහසුකම් සහ මුදල් ත්‍යාග සපයපල්ලා. මාධ්‍ය ප්‍රසිද්දිය වැඩිවැඩියෙන් දියල්ලා ඒ සිසුවියට හැදෙන පරපුරටත් ආදර්ශ ගන්න. වැදගත්ම දේ, ඔය වගේ දරුවන්ගෙන් වත් ඉගෙන ගනිල්ලා ලෝකයා හමුවේ රටක් උස්සලා තියෙන හැටි. ලෝකයා ඉස්සරහා විහිලුවක් නොවී.
කතාව විතරක් මදි
අපේ රටේ නම ඔලිම්පික් උලෙළේ බබලවා සියලු ජනතාවගේ ඇස් වලට සතුටු කඳුලු ගෙන එන්න හැකියාවක් තියෙන ක්‍රීඩිකාවක් දැන් අපිට ඉන්නවා. ලෝක වාර්තාවක් පිහිටුවීමට ධෛර්යය ලැබේවා !
රටට විශාල ගෞරවයක්...!