(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දේශපාලන අත පෙවීම් මත පාර්ලිමේන්තුවේ යම් යම් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට  ප්‍රශ්න අහන්න තියෙන අවස්ථාව නැති කර ඇතැයිද  "කාලය ආවම එයාලා එක්ක ගනුදෙනුව ගන්නවා" යැයිද සමගි ජන බලවේගයේ  බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී අද (5)පැවසීය.

මන්ත්‍රීවරුන්  කරන්නේ මේ මොහොතේ දැවෙන ප්‍රශ්න ආණ්ඩුවෙන් අසා ජනතාවට විසඳුම් ලබාදීම නමුත් යම් යම් නිලධාරීන් ඊට මැදිහත් වී එ් අවස්ථාව නැති කර ඇතැයි ද එ් සඳහා තමාට සාක්කි තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

තමන් පත් කරපු ජනතාවගේ ප්‍රශ්න අහන්න තිබෙනවා අවස්ථාව යම් යම් මැදිහත් වීම් නිසා නැති වෙනවා නම් ඊට මැදිහත්  වන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද මෙය පෞද්ගලිකව පලිගැනීමක් යැයිද චමින්ද විජේසිරි මහතා පැවසීය.

"මේවට හේතු තියෙනවා .ස්ථාවර නියෝගත් වෙනස් කරලා ලේකම්වරයෙක් යවපු ලියුමක් තියෙනවා. මේවා දේශපාලන අතපෙවීම් නිසා කරන දේවල් බව පැහැදිලිව පේන්න තියෙනවා"යනුවෙන්ද චමින්ද විජේසිරි මහතා පැවසීය.