රුපියලේ වටිනාකම ටිකෙන් ටික වැඩිවෙයි මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 351.72 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 362.95 ලෙස සටහන් විය. 01 March 2023
හිරු එළියෙන් විදුලිය ගන්න ව්‍යාපෘති 330කට අවසර විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම වසරේ (2023) සිට 2026 වසර දක්වා වසර හතර තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති 330 ක් ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය ආයතනවලින් අනුමැතිය දියහැකි ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ අනුමැතියන් දිය නොහැකි ව්‍යාපෘති වෙනුවෙන් දැනට දී ඇති තාවකාලික බලපත්‍ර අහෝසි කිරීමටත් තීරණය කළ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 01 March 2023
සෙනෙට් මන්ත්‍රී පුංචි ඡන්දය ඉල්ලයි එළඹෙන මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩෙස් මහතා හෙළා දැක තිබේ. 01 March 2023
චෙන්නායි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ලඟ කලබලයක් මැයි 17 ව්‍යාපාරය නම් දෙමළ හිතවාදී කණ්ඩායමක් පසුගියදා ඉන්දීය ධීවරයන්ට ධීවරයන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඊයේ(28) වැටලීමට උත්සාහ ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 01 March 2023
කොළඹ කොටුව අවට මාර්ග තදබදයක් වරාය සේවකයෝ මේ වන විට වරාය පිවිසුම් ඉදිරිපිට මාර්ගයේ වැසෙන සේ මාර්ගයේ වාඩි වී විරෝධතාවයේ නිරතව සිටිති. 01 March 2023
භූමිතෙල් මිල පහළට භූමිතෙල් මිල අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුමත කර තිබේ. 01 March 2023
අටේ දැරිය අත ගෑ 70 සාදු ගුටි කා අපවත් වෙති අට හැවිරිදි දැරියක ස්පර්ශ කළැයි පහරකෑමට ලක් වූ හිමි නමක පහරකා රෝහල්ගත කිරීමෙන් අනතුරුව අපවත්වී ඇතැයි හෙට්ටිපොල පොලිසිය පවසයි. 01 March 2023
මැතිසබයේ බැංකුවත් වසයි වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එක්වෙමින් පාර්ලිමේන්තුවේ ලංකා බැංකු ශාඛාවද අද වසා දැමීම හේතුවෙන් එහි වැඩකටයුතුවලට බාධා පැමිණුනු බව වාර්තා වේ. 01 March 2023
ගුරුවරු කළු අඳිති: බැංකු - රෝහල් වැසෙයි රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පා වරාය, තෙල්, විදුලි, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක කාර්ය මණ්ඩල අද (01) ලෙඩ නිවාඩු වාර්තා කර විරෝධතා සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වෙති. 01 March 2023
විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි පළාත් පාලන මැතිවරණයට මුදල් ලබා ගැනීම සඳහා මැදිහත් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව කතානායකවරයාගෙන් කළ ඉල්ලීම ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (1) පස්වරු 1.00 ට රැස්වීමට නියමිතය. 01 March 2023
බ්‍රිතාන්‍යයෙන් ආයෝජන ගේන්න කන්නයියා පත්කරයි ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සදහා නියෝජිතයින් පත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ එක්සත් රාජධානියේ නියෝජිතයා ලෙස කන්නයියා ගජන් මහතා පත්කෙරිණි. 01 March 2023
දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී 32ක් මරුට ග්‍රීසියේ දුම්රිය දෙකක් ඊයේ (28) රාත්‍රියේ මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් 32 දෙනකු මියගොස් තවත් 85 දෙනකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත. 01 March 2023
දොර අරින්න පොලිසිය නැතිව පී.යූ.සී.එස්. එල් සභාපති ආපසු යයි විදේශගතව සිටි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නැවත ඊයේ (28) පස්වරුවේ කොල්ලුපිටියේ පිහිටි මුද්‍රා තබා ඇති කාර්යාලයට පැමිණිය ද පොලිසිය කාර්යාලය විවෘත කිරීමට නොපැමිණිමෙන් ඒ මහතා දැඩි අපහසුතාවට පත්විය. 01 March 2023
ඉංජිනේරු සිසුවිය අභිරහස් ලෙස මියයයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් මියගොස් ඇති බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය කියයි . 01 March 2023
වාර්ෂික ආරක්ෂක සංවාදයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා පැවැති 7 වැනි වාර්ෂික ආරක්ෂක සංවාදයේදී කලාපීය ආරක්ෂක තත්වය, පොදු ආරක්ෂක අභියෝග සහ කළාපයේ සියලු දෙනාට ආරක්ෂාව සහ වර්ධනය සහතික කිරීමට දෙරට අතර වාර්ෂික ඉහළ මට්ටමේ ආරක්ෂක මැදිහත්වීමකින් සමීප ආරක්ෂක සහයෝගීතාවක් සඳහා එකඟ විය. 01 March 2023
ඡන්දය ඉක්මනින් තියන්න සූදානම් ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද දැනට නම් කර ඇති දිනයෙන් පසු මැතිවරණය සඳහා දිනයක් ඉක්මනින් නම් කරන්නට බලාපොරොත්තුවන බවද මැතිවරණ කොමිසම තමන්ට ප්‍රකාශ කළේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 01 March 2023
ජනපති කතාව ගැන නීතිඥ සංගමය කලබල වන්නේ ඇයි? ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙබරවාරි 23 වැනි දින පාර්ලිමේන්තුවේදී කළ කතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය අනවශ්‍ය කලබගෑනියක් ඇති කරගෙන තිබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රශ්න කළේය. 01 March 2023
70 සාදු අටේ දැරිය අපයෝජනය කරලා වයස අවුරුදු 8 ක් දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ 70 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගැනීමට හෙට්ටිපොල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 01 March 2023
රේගුවේ හිරවූ භාණ්ඩ ගැන අමාත්‍ය කමිටුවක් පත් කරයි ශ්‍රී ලංකා රේගුවේ දිගු කළත් ගබඩා කර තිබෙන භාණ්ඩ පිළිබඳව පවත්වන විමර්ශන කඩිනම් කිරීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය කමිටුවක් පත් කර තිබේ. 28 February 2023
දෙමටගොඩ වෙළෙඳසලක කිරිපැකට් 1000කට විදලා දෙමටගොඩ නගරයේ ප්‍රසිද්ධ වෙළඳ සැලකින් කිරිපිටි පැකට් දහසකට ආසන්න ප්‍රමාණයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සේවකයන් තිදෙනකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (27) අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි. 28 February 2023
ජාඇල පොලිසියේ නතර කර තිබූ ජීප් රියක කුණුහරුප ලියලා ජාඇල පොලිස් භූමියේ නවතා තිබු ජිප් රථයේ තැන තැන අසභ්‍ය වැකි ලියා එම ජිප් රථයට සූරා අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 28 February 2023
නෝර්වේජියා සංචාරකයාගේ ගමන් මල්ල උස්සයි මහනුවර සිට බණ්ඩාරවෙල ඇල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගමන් ගත් නෝර්වේජියානු ජාතික සංචාරකයකු සතු ඩ්‍රෝන කැමරාවක් ඇතුළු රුපියල් හත් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා දේපල සහිත ගමන් බෑගය කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයිඇල්ල පොලිසිය පවසයි. 28 February 2023
කුඩුත් එක්ක කොස්තාපල් අත්අඩංගුවට හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 405 ක් සමඟ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය පොලිස් කණ්ඩායමක් විසින් අනුරාධපුර නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක් අසලදී අද (28) වෙනිදා දහවල් කාලයේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 28 February 2023
ගුවන්තොටේදී අපරාධකරුට පැනයන්න අනුබල දුන් හිමිවරු දෙදෙනාත් රියැදුරාත් රිමාන්ඩ් මනුස්ස ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු කටුනායක ගුවන්තොටුපල පොලිසියේ රඳවා සිටියදී එම සැකකරුට පලායාමට ආධාර අනුබලදීම, ඒ සම්බන්ධව කුමන්ත්ර ණය කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු හිමිවරුන් දෙදෙනකු සහ මෝටර් රථයේ රියදුරුව ලබන 10 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මීගමුව මහේස්ත්රාිත් (අංක 01 ) චම්පික රාජපක්ෂ මහතා අද (28) පස්වරුවේ දී නියම කළේය. 28 February 2023
ලංකාවේ සංවර්ධන වැඩසටහනට ලෝක බැංකුවේ අඛණ්ඩ සහාය ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ලෝක බැංකුව අඛණ්ඩ සහාය දෙන බව ලෝක බැංකු නියෝජිතයෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සඳහන් කළහ. 28 February 2023
තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුව විභාගයට වසා ඇති ගිණුමකින් රුපියල් ලක්ෂ 80ක් වටිනා චෙක් පතක් නිකුත් කොට වංචා කළ බබවට චෝදනා ලැබ සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඊයේ (28) දින නියම කළේය. 28 February 2023
පාස්කු ප්‍රහාරයේ මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනාට එරෙහි නඩුව විභාගයට කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්රතහාර මාලාවකින් පුද්ගලයින් 250 කට අධික පිරිසක් මරා දමා තවත් 500 කට අධික පිරිසකට බරපතළ තුවාල කළ බවට චෝදනා ලැබ සිටින මවුලවි වරුන් ඇතුළු විත්තිකරුවන් විසි පස් දෙනාට එරෙහි නඩුව විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (28) තීරණය කළේය. 28 February 2023
සෙවිලි තහඩු ලොරියකින් ඉවත් කරමින් සිටියදී වැටී මරුට අතුරුගිරිය හබරකඩ හන්දියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයකට ලොරි රථයකින් ගෙනවිත් තිබූ සෙවිලි තහඩු තොගයක් ඉවත් කරමින් සිටි පුද්ගලයෙකු ඉන් බිමට වැටී අද (28) දා සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි . 28 February 2023
ආණ්ඩුවේ බැංකු හෙට වැඩ ගනුදෙනු කරුවන් වෙනුවෙන් හෙට (01) දිනයේ දී ද උපරිම සේවාවක් සැලසීමට තම බැංකු සූදානම් බව මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ සභාපතිවරුන් ජනාධිපති කාර්යාලයේ දී අවධාරණය කළහ. 28 February 2023
දුම්රිය වෘත්තිය සමිති 29 ක් හෙට උද්ඝෝෂණයේ රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති නම් කර ඇති විරෝධතා ව්‍යාපාරයට සහයෝගය පළ කරමින් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් හෙට(01) දිනයේ සංවිධානය කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි. 28 February 2023
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026