ඕනෑම වාහන අදායම් බලපත්‍රයක් මධ්‍යම පළාතෙන් වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම පු`ඵල් කරමින් මධ්‍යම පළාතෙන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සියලුම වාහනවල ආදායම් නිකුත් කිරීමේ වැඩසටහන ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මකකරන බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා පැවසීය. 16 August 2023
නැගෙනහිර පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් වෙයි මෙරට සමස්ත විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70 ක් 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්තින්යෙන් සපුරාගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ නැගෙනහිර පළාත බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ වැඩසටහක් ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 16 August 2023
සම්බන්ධීකරණ කමිටු කර අරින රාජ්‍ය නිලධාරීන්ට වැඩ වරදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වන ලෙස ආරාධනා කර තිබියදීත් එයට නොපැමිණෙන රාජ්‍ය නිලධාරින් සම්බන්ධ වාර්තාවක් දිස්ත්‍රික් ලේකම්වරයා මාර්ගයෙන් ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මියට උපදෙස් දුන්නේය. 16 August 2023
‘දේශපාලන විසබීජ ඉවත් කළ යුත්තේ ජනතාවයි’ දේශපාලන ධාරාවේ තිබෙන විස බීජ ජනතාව විසින් පාලනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 16 August 2023
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරෙයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා පත්කර තිබේ. 16 August 2023
ජනාධිපති නීතීඥවරුන් පත් කරන්න අයැදුම් පත් කැඳවයි 2022/2023 වසර සඳහා ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. 16 August 2023
වෛද්‍යවරුන් විදේශගතවීම දිරිගැන්විය යුතුයි මෙරටට විදේශ විනිමය එවීමේ කොන්දේසිය මත වෛද්‍යවරු රටින් බැහැර වීම දිරිගැන්විය යුතු බවත් රට බංකොළොත් වී ඇති වර්තමාන තත්වය තුළ වෛද්‍යවරු දහසක් පමණ විදේශ රටවල්වලට යොමුකළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. 16 August 2023
සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් ඇරඹේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2022) උත්තර පත්‍ර ඇගයීම් පළමු අදියර අනිද්දා (18) ආරම්භ කරන බවත් එම අදියර ලබන 27 වැනිදා අවසන් කිරීමට නියමිත බවත් නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකොන් මහතා පැවසීය. 16 August 2023
යාපනය බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට සිරඳඩුවම් ලබා සිටින බන්ධනාගාර රැදවියකුට ජංගම දුරකථනයක් ලබාදුන් යාපනය බන්ධනාගාර නියාමකවරයකු අද(16) උදෑසන සැකපිට අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි. 16 August 2023
නීති විරෝධිව ගවයින්-එළුවන් ගෙන ගිය තුනක් අල්ලයි බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් සහ සතුනට හිංසා වන අයුරින් එළුවන් 89ක්, ගවයින් 16 ක්, ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථ දෙකක් සැකකරුවන් තිදෙනෙකු සමග, අද (16) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්දන අංශය පවසයි. 16 August 2023
විදුලි රැහැනේ පැටලී දෙදරු මව මරුට වන අලින්ගෙන් කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳ තිබූ විදුලි රැහැනක පැටලී අද( 16 ) අලුයම හල්දුම්මුල්ල මාලදොල ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි. 16 August 2023
දියර පොහොර ගෙන්වීමේදී කෝටි දහයක පාඩුවක් සීමාසහිත ලංකා පොහොර සමාගම දියර පොහොර ගෙන්වීමට විදේශීය සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමේදී සිදුවී ඇතැයි කියන අනීතික ගනුදෙනුවක් හේතුවෙන් රුපියල් කෝටි 10 කට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වේ. 16 August 2023
කුවේටයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයෝ 54ක් ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 54 දෙනෙකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් අද(16 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි . 16 August 2023
හිමිනමට පිහි පෙන්වා විහාරස්ථානය කොල්ල කාලා හසලක කඳන්හේන ශ්‍රී බෝධි මළු විහාරස්ථානයට අද (16) අලුයම් කාලයේ මුහුණු ආවරණය කරගෙන කඩා වැදුණු පුද්ගලයින් තිදෙනෙකු එම විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමිනමට පිහියක් පෙන්වා තර්ජනය කර විහාරස්ථානයේ තිබූ මුදල් පැහැර ගෙන පලාගොස් ඇතැයි හසලක පොලීසිය කියයි. 16 August 2023
ඉන්දීය 77 වැනි නිදහස් දින උත්සවයෙන් ඉන්දියාවේ 77 වැනි නිදහස් දිනය නිමින්තෙන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මහත් උත්සවශ්‍රීයෙන් සැමරීය. 16 August 2023
ගෝල් ටයිටන්ස් අවසන් පූර්ව වටයට ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 20 වැනි සහ අවසන්ත තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (15) පැවැති තරගයේදී ගෝල් ටයිටන්ස් පිල කඩුලු 8 කින් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල පරාජය කිරීමට සමත් විය 16 August 2023
අයි.එම්.එෆ් කණ්ඩායමක් දුන් ණය ගැන සොයන්න එයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් ණය මුදලේ පළමු සමාලෝචනය සඳහා කණ්ඩායමක් සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසුවේය. 16 August 2023
ජීවිතාරක්ෂක සෙබලා දියේ ගිලී මරුට හික්කඩුව වෙරල තිරයේ ජීවිතාරක්ෂක පුහුණුවිම්වල යෙදි සිටි නාවික හමුදා නිලධාරියකු අද සවස දියේ ගිලි මියගොස් ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි. 15 August 2023
‘‘රනිල් - සජිත් එකතු විය යුතුයි‘‘ රනිල්-සජිත් එක්ව මේ මොහොතේ ගමනක් යා යුතු යැයි ජනතාව යෝජනා ඉදිරිපත් කරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසුවාය. 15 August 2023
ස:ලේකම්වරියගේ නිවෙසින් කෝටි තුනක බඩු උස්සලා අධිකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරියගේ රාජගිරියේ කලපළුවාව ජය මාවතේ දෙමහල් නිවසට රාත්‍රී කාලයේ දී ඇතුළු වී රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා දේපළ සොරාගත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 15 August 2023
මඟ නැගුම සමාගමට වාරණයක් ’’මග නැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම’’ අධිකරණ ක්‍රියාවලියෙන් බැහැරව ගණන් බේරා වසා දැමීම වළකාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටි ආරච්චි මහතා අතුරු නියෝගයක් නිකුත් කළේය. 15 August 2023
චීන ඉන්ධන ගාන අඩුවෙන් ‘සිනෝපෙක්’ සමාගම ලබන සැප්තැම්බර් මස 20 වැනිදායින් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අළෙවි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (15) පැවසීය. 15 August 2023
දකුණේ තැන් දෙකක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන දෙකක අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි 15 August 2023
සත්වෝද්යානගේ ගස ප්‍රධාන ආරක්ෂකයා මරයි දෙහිවල සත්වෝද්යානරයේ තිබූ විශාල ගසක් අද (15) පස්වරුවේදී මුලින් උදුරා වැටීමත් දෙහිවල සත්ව විද්‍යානයේ ප්‍රධාන ආරක්ෂකයා මියගොස් ඇතැයි පොලිසිය කියයි. 15 August 2023
දුමින්ද නාගමුවට එරෙහිව ටිරාන්ගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක් ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිදු කරන ලද ප්‍රකාශයක සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුවට එරෙහිව මහජන ආරක්ෂක අමාත්‍යා ටිරාන් අලස් මහතා අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 15 August 2023
සුබසාධන ප්රතිලාභ මණ්ඩලයට නව සභාපතිවරයෙක් සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියකු වන ජයන්ත විජේරත්න මහතා පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබේ. 15 August 2023
නව ජනාධිපති නීතීඥවරු තිදෙනෙක් නව ජනාධිපති නීතීඥවරුන් තිදෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 15 August 2023
කිව්.ආර්. කේතය ලබන මස අවසන්? ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය අත්හිටුවීමට ලබන මස සළකා බලන බවත් එසේ නොවුණ හොත් සතියේ ඉන්ධන කෝටාව ඉහළ දමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 15 August 2023
සමනළ වැව ජලාශයෙන් විදුලි නිෂ්පාදනය අත්හිටුවයි නියඟය සහ උඩවලව ජලාශයට ජලය මුදාහැරීම හේතුවෙන් සමනළ වැව ජලාශයේ ජල ධාරීතාව විදුලි නිෂ්පාදනයට ප්‍රමාණවත් නොවන බැවින් එහි විදුලි ජනනය හෙට (16) සිට අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (15) පැවසීය. 15 August 2023
සුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති අස්වෙයි සුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරය දැරූ බී. විජයරත්න මහතා ඉල්ලා අස්වී තිබේ. 15 August 2023
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026