(යොහාන් භාසුර)

දුම්රිය නියාමක සංගමයේ වර්ජනය හේතුවෙන් මේ වන විට දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බවත් පස්වරුවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ගමන් වාර රැසක් ද අවලංගු වීමේ අවදානමක් ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. ​