(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රේගුවේ අකාර්යක්ෂමතාවය සහ දූෂණය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
මේ වසරේ රේගුවෙන් බලාපොරොත්තු වන ආදායම රුපියල් බිලියන 1217ක් වන නමුත් මේ වන විට ලැබී තිබෙන්නේ බිලියන 655 ක් පමණක් බවද මන්ත්‍රීවරයා කීය.
ලංකාව වාහන ආනයනය නතර කර තිබුණත් වෙළෙඳපොළේ අලුත් වාහන තියෙන බවත් 2020 වසරේ නිෂ්පාදිත බී.එම්.ඩබ්ලිව්,මොන්ටෙරෝ ආදී අලුත් වාහන පවා එලෙස විකුණන්න තිබෙන බව කීය.
තහනම් කළාට පසුවත් මේ වාහන රේගුවෙන් එලියට ඇවිත් ඇතැයි කී මන්ත්‍රීවරයා මේ තත්ත්වය යටතේ රේගුව මොකටදැයි ප්‍රශ්නකළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා ඇමැති කාලේ ගහපුවා අමතකයි වගේ දැන්...!
මේවා එළියට ආපු හැටි ඔයා දන්නේ නැහැ... ඔයා බබා...!
රේගුව කියන්නේ හොරු, දූෂිතයෝ රජකරන තැනක් කියලා දැනගෙන ඇති...!
අම්මෝ රටට කොච්චර ආදරයක් තියෙන දේශප්‍රේමියෙක්ද? නෝනාට විතරක් මාසෙකට ලක්ෂ 50ක වන්දියක් ගෙවනවා. ඒවා ඔක්කෝම කුඹුරු කොටලා හොයපු සල්ලි...!
imf පමණක් නොවෙයි, මුළු රටම රේගුව ගැන අප්‍රසාදයෙන් සිටින්නේ... ජරාපප්පලා.
ලෝකයේ අති දූෂිතම නිලධාරින්ගෙන් පිරුණු ආයතනයක් තමයි රේගුව... ජරාවක් කන්න බැරි දේකින් හරි, මොකක් හරි දෙයක් කියලා... මොකක් හරි අපහසුතාවයකට පත්කරලා ජරාවක් කන්නයි උත්සාහ කරන්නේ.
රේගුවත් දූෂිතයි තමයි .හැබැයි මේ කියන කෙනා තරම්ම නැතුව ඇති
මෙවැනි චොදනා නිසා රෙගු නිලදාරින්ගෙ දූ දරුවන්ට පාසල්වල අඩම් තේට්ටම් වලට මුහුන දෙන්ට වෙයිද දන්නෙ නැහැ.