වෙල්ලස්සේ සරසවිය අසල කැලේ ගින්නක් ඌව වෙල්ලස්ස සරසවිය අසල හඟුරු රක්ෂිතයේ ඇති වූ ගින්නක් මේ වන විට ඉතා සීඝ්රයෙන් පැතිර යන බව ප්‍රදේශවාසීහු පවසති. 14 August 2023
කිරට හඬන නිවුන්නු මාස එක හමාරක් වයසැති තම නිවුන් දරුවන්ගේ කුසගින්න නිවන්න කිරි පිටි පැක්ටුවක් ගැනීමට නොහැකිව දැඩි සේ දුකට පත්ව සිටින අඹුසැමි යුවළක් රත්තොට පල්ලේ තැන්නෙන් අපට හමුවිය. 14 August 2023
හමුදා කපිතාන් වෙසින් රට වටේ හිඟමනේ ගිහින් යුද හමුදා විශේෂ විමර්ශන ඒකකයේ කපිතාන්වරයකු ලෙස බව පවසමින් දිවයිනේ විවිධ නගරවල සිඟමනේ ගිය යුච හමුදාවෙන් පලා ගිය බව කියන කුඩු ජාවරම්කාරයකු දෙණියාය නගරයේ දී සිඟමනේ එකතු කළ සම්මාදම් මුදල්රු 410 ක් සමග අත් අඩංගුවට ගත් බව දෙණියාය පොලීසිය පවසයි. 14 August 2023
හම්බන්තොටට නිර්වින්දන වෛද්‍යවරයෙක් ලැබේ හම්බන්තොට මහ රෝහලට තාවකාලිකව තංගල්ල මහා රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර දන්වා ඇතැයි හම්බන්තොට මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුරංග ඔබේසේකර මහතා පවසයි. 14 August 2023
නිර්වින්දන වෛද්‍යවරු නැතිව හම්බන්තොට රෝහලේ සැත්කම් නිර්විද්න විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිව වුවද හම්බන්තොට මහ රෝහලේ ශළ්‍යකර්ම 30කට ආසන්න සංඛ්‍යාවක් අද සිදු කළ බව එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකර මහතා පවසයි. 14 August 2023
චැනල් අයි ලයිකාට දෙන තීන්දුව අහෝසියි ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබේ. 14 August 2023
ලෝකයෙ ඉහළට ගිය අපේ විද්‍යාඥයෝ ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයන් සම්බන්ධයෙන් රිසර්ච්.කොම් වෙබ් අඩවිය ශ්‍රේණිගත කිරීමක් සිදුකර ඇති අතර එම ශ්‍රේණිගත කිරීමේ 11 වන ස්ථානය සහ 15 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවෙන් බිහිවූ මහාචාර්යවරු දෙදෙනකු සමත්ව ඇත. 14 August 2023
රජය අයි නාලිකාව විකුණන්න හඳනවා ජාතික සම්පත් බහුතරයක් වත්මන් රජය විකුණා දැමීමට සූදානම් බවත් එහි එක් පියවරක් ලෙස රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව නුදුරේදීම විකුණා දැමීමට සූදානම් බවත් එය කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් හා විනිවිදභාවයකින් තොරව පෞද්ගලික අංශයට බදු දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 14 August 2023
මුහුද යට කාමරයේ රැයක් ගත කරන ආරාධනය මහින්ද්‍රා සභාපති බෑ කියයි ලොව ප්‍රථම දිය යට හෝටලයේ කාමරයක රැයක් ගත කිරීමට එම හෝටලයෙන් ලැබුණු ආරාධනාව තමන් ප්‍රතික්ෂේප කළ බව ඉන්දියාවේ මහින්ද්‍රා ව්‍යාපාර සමූහයේ සභාපති ආනන්ද් මහින්ද්‍රා මහතා ප්‍රකාශ කළේය. 14 August 2023
පාකිස්තාන නිදහස සමරයි පාකිස්තාන 76 වැනි නිදහස් දිනය අද(14) ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ වාසය කර පාකිස්තාන ප්‍රජාව සමඟ එක්ව සමරනු ලැබුවේය. 14 August 2023
කොළඹ ජාතික රෝහලේ විදුලිය බිඳ වැටේ කොළඹ ජාතික රෝහලේ ගොඩනැගිලි රැසකට අද (14) පෙරවරු 10.00 සිට පැය 8 කට අධික කාලයක් විදුලි විසන්දදි වීමෙන් රෝගීන් සහ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවට පත්වූ බව එම රෝහලේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 14 August 2023
දේශබන්දුගේ ෆේස්බුක් ගිණුමක් හැක්වෙයි බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නමින් ප්‍රජා සත්කාර සම්බන්ධයෙන් පත්වාගෙන ගිය මුහුණු පොතේ ගිණුමකට කිසිවකු අනවසරයෙන් ඇතුලු වීමේ සිද්ධික් සම්බන්ධයෙන් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 14 August 2023
එතෙර විශේෂඥ වෛද්‍යවරු එයි? වෛද්‍යවරු හිඟය තව දුරටත් පැවතුණහොත් විදේශීය වෛද්‍යවරු මෙරට සේවයට ගෙන ඒමට සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පැවසීය. 14 August 2023
සමනළ වැවත් හිඳෙන්න ළඟයි පවතින වියළි කාලගුණික තත්ත්වයෙන් සමනලවැව ජලාශයේ ජල ධාරිතාව සියයට 14 දක්වා පහළ බැසිම නිසා එහි විදුලි උත්පාදනය සිමා කර ඇතැයි සමනල වැව ඉංජිනේරුවරු පවසති . 14 August 2023
‘‘හමුදා කඳවුරට අත නොතබනු‘‘ ගැමියෝ ඉල්ලති යාපනය, පේදුරුතුඩුව කට්කෝලම් හි යුද හමුදා කඳවුර ඉවත් නොකරන ලෙසට බලකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද එම කඳවුර ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 14 August 2023
ශ්‍රී ලංකා එංගලන්ත මිත්‍රත්ව සංගමයේ මුල් පුටුව චන්දිමට ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ශ්‍රී ලංකා එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබීය. 14 August 2023
බිත්ති දෙකක් අතර සිරවූ දැරියක බේරා ගැනෙති විනාඩි 30 ක පමණ කාලයක් කළුතර විදුහලක බිත්ති දෙකකට සිරවී සිටී හත් දැරියක් බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය අද දහවල් සමත්වූ බව කළුතර දකුණ පොලිසිය පවසයි. 14 August 2023
ජනතාවට බලය බෙදීමක් අවශ්‍ය නෑ මෙරට ජනතාව බලය බෙදීමක් මේ අවස්ථාවේදී බලාපොරොත්තු නොවන බවත් ඔවුන්ගේ අපේක්ෂාව රටේ ආර්ථිකය ස්ථාවර කර, ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (14) පැවසීය. 14 August 2023
රනිල් ලංකාව ලෝකෙට ණය දෙන තැනට ගන්නවා අද ලෝකයෙන් ණය ගන්න රටක් වුවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයගේ නායකත්වය යටතේ ඉදිරියේදී ලංකාව ලෝකයට ණය දෙන රටක් බවට පත්වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 14 August 2023
සචිත්රගේ විදෙස් ගමන් තහනම් තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා අද (14) නියෝගයක් නිකුත් කළේය. 14 August 2023
හානි වූ ගොයමට ගිනි තැබුවොත් වන්දි නෑ නියඟයෙන් හානි වී ඇති ගොයම් වගාවන්ට ගිනි තැබුවහොත් ඔවුන්ට කිසිසේත්ම වන්දි මුදල් නොගෙවන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ. 14 August 2023
අඹ ගෙඩියක් 95,000 කට වෙන්දේසි වෙයි වවුනියාව ,තවුසිකුලම් ප්‍රදේශයේ කෝවිලක තිබූ වෙන්දේසියක් අතරතුර අඹ ගෙඩියක් රුපියල් 95,000 ක මුදලකට වෙන්දේසි වී තිබේ. 14 August 2023
වර්තමාන ජනාධිපති ජනපතිවරණයත් කල්දානවා දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරු කෙසේ ප්‍රකාශ කළත් ජනාධිපතිවරණය නියමිත දිනට පෙර නොපැවැත්වෙන බවත් නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (14) පැවසීය. 14 August 2023
මහවැලි ඉඩම් දේශපාලන-නිලධාරී හිතවතුන්ට හොරෙන් දීලා ජනාධිපති කාර්යාලය ඉඩම් බෙදීම අත්හිටුවීමෙන් පසුවද මහවැලි ඉඩම් කට්ටි 2000 කට වැඩි ප්‍රමාණයක් ඇතැම් දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ හිතවතුන්ට හොර රහසේ බෙදාදී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 14 August 2023
තෙල් සංස්ථාවේ 60 පැන්න පිරිසකට සේවා දිගුවක්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන තත්වයක තිබියදී වයස 60 ඉක්මවූ නිලධාරීන් පිරිසකට සේවා දිගු පිරිනැමීමට නිර්දේශ කර ඇතැයි එම සංස්ථාවේ සේවකයෝ පවසති. 14 August 2023
දැරියක දූෂණය කළැයි පහරදී මරලා යාපනය, කල්වියන්කාඩු, ජි.පි.එස් ක්‍රීඩාංගණය අසල ගොඩනැගිල්ලක් තුළ පුද්ගලයකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු හයදෙනකු අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි. 14 August 2023
කෑගල්ලේ පුංචි පවුලකට වස ශරීරගත වෙලා? රඹුක්කන පත්තම්පිටිය ප්‍රදේශයේ පවුලක සිව් දෙනකු වස වර්ගයක් ශරිර ගත වීමෙන් අද පෙරවරුවේ මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය. 14 August 2023
ඔට්ටු අල්ලා රේස් පදින්න ගිය 9කට වැඩ වරදී මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද තරුණයන් නව දෙනෙකු අද(14) අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි 14 August 2023
නියං රකුසා සත්ව පාලනයටත් දත නියවයි උග්‍ර නියඟය සහිත කාලගුණික තත්ත්වය සත්ව පාලන කටයුතු සඳහා දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි ගොවීහු ප්‍රකාශ කරති. 14 August 2023
ලොව වසඟ කළ කෘත්‍රිම බුද්ධි යුවතිය 19 හැවිරිදි සුරූපී යුවතියක ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වී තිබේ. 14 August 2023
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026