
(ටී.කේ.ජී.කපිල)
පෝර්ට් සිටි ආයෝජන ව්‍යාපෘතිය පසුගිය දා ඩුබායි හි පැවති උත්සවයක දී කොළඹ මූල්‍ය නගරය ( Colombo Financial City ) ලෙස යළිත් නම් කිරීමෙන් පසු , එහි ආයෝජනය කිරීම සදහා ප්‍රථම ආයෝජකයා ලෙස චීන ජාතික සමාගමක ආයෝජකයෝ සිව් දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
චීනයේ අර්ධ රාජ්‍ය සමාගමක් වන CZK Huarui International Culture and Art ( Beijin ) සමාගමේ සාමාන්‍යාධිකාරී සොෆියා ලී ( SophiaLi )මහත්මිය ඇතුළු තවත් තිදෙනෙක් එසේ පැමිණ සිටියහ .
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පසුගිය දා චීනයේ සිදු කළ සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සමග ඇති කර ගත් එකගතා සහ ගිවිසුම් ගත වීම් මත මෙම ආයෝජකයන් පිරිස පැමිණ තිබුණි .
මොවුන් පළමුවෙන්ම කොළඹ මූල්‍ය නගරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් මැණික් කෞතුකාගාරයක් , එයට අනුබද්ධිත මැණික් පිරික්සුම් රසායනාගාරයක් සහ මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර තිබේ .
මීට අමතරව මොවුන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක ආයෝජනයක් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කිරීම සදහා සැළසුම් කර තිබේ .
මෙම සියලු ආයෝජන ව්‍යාපෘති සදහා දින 07 ක කාළයක් තුළ අවශ්‍ය අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් මේ වනවිට සම්පාදනය කර තිබේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
CFC ආයෝජන ව්‍යාපෘති සහ වෙනත් ආයෝජන සදහා දින 07 ක කාළයක් තුළ අවශ්‍ය අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු කර ඇත.
පට්ට හොරු වගයක් !!! මුහුණු වලින්ම පෙනෙනවා.මුන් තමයි වෙන්දෙසිවල මැණික් ගිලින්නේ. බලාගෙනයි .දැනටමත් ඇමතියාට ජරාව දීලා වගෙයි.රට ඇතුලේ වියාපෘතියක් අරඹන්න මාස ගණනක් එහාට මෙහාට දුවන්න ඕනා,අරුටයි,අමතියාටයි,උගේ ගෝලයන්ටයි ජරාව දෙන්න ඕනා.නමුත් මේ චීන්නුන්ට දවස් 7 ඇතුලත ඔක්කොම හරි.මාර රටක්.
කොහොමද පෙනුම? ඉන්නේ නම් සාමන්‍ය රජයේ සේවකයෝ වගේ. පට්ට සල්ලිකාරයො.
මොන විදියට ආවත් චීන.
හොඳ වැඩක්
ආයෝජකයි අපේ නියෝජිතයයි වෙන් කරලා හොයා ගන්න බෑ
අපේ මැණික් වලට අබ සරණයි
සිංහයෝ අපිටම කොටන්නද කඩුව අරගත්තේ.. චීන මකරුන් නගිසිටිනවා මුළු ලංකාව අස්සේ..
ලොකු දෙයක් .පළවෙනියට ඉල්ලන්නේ පගාව පස්සේ තමයි .ඇප්රුවල් අපි බලමු දවස් කීයකින් අනුමැතිය ලැබෙයිද කියලා.
ඇත්තටම මේ ගොල්ලෝ ආවේ ආයෝජකයෝ හැටියටද? සොයා බලන්න. මට සැකයි!..