IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


අධික උණුසුමෙන් ඇමසන් ඩොල්ෆින්ලා 120 ක් මැරිලා

ලොව දුර්ලභ සත්ව විශේෂයක් ලෙස සැලකෙන ඇමසන් නදියට පමණක් ආවේණික රෝස පැහැති ඇමසන් ඩොල්ෆින් මසුන් 120 දෙනකුග් සිරුරු බ්‍රසීලය හරහා ගලා බසින ඇමසන් නදියේ පාවෙමින් තිබියදී හමුවී ඇත.

වදවීමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ව විශේෂයක් ලෙස ද ඇමසන් ඩොල්ෆින් මසුන් සැලකෙයි. ඇමසන් වනාන්තරය මෙන්ම ඇමසන් නදිය ද ලතින් ඇමෙරිකාවේ බ්‍රසීලය ද ඇතුළු රටවල් කීපයක් ඔස්සේ පැතිරී පවතී.

බ්‍රසීල විද්‍යා සහ තාක්ෂණ අමත්‍යාංශය යටතේ පවතින ‘මමිරෝ’ ආයතනයේ විද්‍යාඥයන් පැහැදිලි කර ඇති ආකාරයට, ඩොල්ෆින් මසුන් මෙසේ මියගොස් ඇත්තේ බ්‍රසීලයට බලපා ඇති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් බවය. මේ වනවිට බ්‍රසීලය දැඩි නියගයකට ද මුහුණ දෙයි.

ලෝකයේ පෙනහළු ලෙස සැලකෙන්නේ මහා ඇමසන් වැසි වනාන්තරයයි. දැඩි වියලි කාලගුණය හේතුවෙන් ඇමසන් වනාන්තරයේ ළැව් ගිනි ඇති වීමේ අවදානමක් ද පවතී.

ඩොල්ෆින් සිරුරු හමුවී ඇත්තේ ඇමසන් නදියට සම්බන්ධ ‘ටැෆේ විල’ අවට ප්‍රදේශයෙනි. ඩොල්ෆින්ලාට තවත් මත්ස්‍ය විශේෂ රැසක් ද මියගොස් ඇති බව ‘මමිරෝ’ ආයතනයේ විද්‍යාඥයෝ පවසති. මත්ස්‍ය විශේෂයක් යැයි කීවත් ඩොල්ෆින් යනු ක්ෂීරපායී සත්වයෙකි.

(අල් ජසීරා)



අදහස් (0)

අධික උණුසුමෙන් ඇමසන් ඩොල්ෆින්ලා 120 ක් මැරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 122 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 79 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1656 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site