
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ යානා පසුගිය දින කිහිපයේදී ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් කෝටි 195 ක පාඩුවක් සිදුව ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මේ හේතුවෙන් මේ අවස්ථාවේදී සේවකයන්ට කිසිම දීමනාවක් හෝ වැටුප් වැඩි කිරීමක් කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවාවට ඇති අයිතීන්ද රැකගෙන වෙනත් ගුවන් සේවාවන් මෙම ගුවන් ගමන් වාර සීමා පැවැත්වීමට අයිතිය ලබාදීමට තීරණය කළ බව ඔහු කීවේය.
ශ්‍රීලංකන් ගුවන් සේවය ඇමරිකානු ඩොලර් කෝටි 100 කට වැඩි ණයක් ද ඒ සඳහා පොළියක්ද ගෙවිය යුතු බව පැවසූ අමාත්‍යවරයා ගුවන් සේවාවේ ඵලදායිතාව වැඩි කළහොත් ඵලදායිතාව පදනම් කරගෙන යම් ගෙවීමක් කළ හැකි බවද වෘත්තිය සමිති නියෝජිතයන්ට දැනුම් දුන්නේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් අටක් පමණ එකවර ප්‍රමාදවීම හේතුවෙන් ගුවන් මගීන්ට සිදුවූ අපහසුතාවයන් පිළිබඳව කරුණු විමසීම සඳහා එම ගුවන් සේවයේ පාලනාධිකාරිය සහ සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (2) පැවැත්විණි. අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ ඒ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ගාණක් දේශපාලනේ කරලත් හරියට වැඩක් කරගන්ඩ බැරිකම. මෙයා දන්න ඒවා කියන්න ගියොත් හෙළුවෙන් දුවන්න වෙන්නේ...
පාඩු ලබන සුදුඅලියාගේ හෙණ්ඩුව වෙන කෙනෙකුට දෙන්න... එසේ නොමැති නම් අලියාව බලාගත හැකි කෙනෙකුට දෙන්න.
කරන්න බැරි වැඩ කරට අරගෙන, අන්තිමට ඇනගෙන, දැන් පාඩුව ගැනත් කතාකරනවා නේද? සෞඛ්‍ය ඇමැති වෙලා හිටපු කාලේ බෙහෙත්වලින් හොඳට හොරකම්කළා. වෘත්තීය සමිති නිසා ශ්‍රීලන්කන් එකෙන් ලොකු හොරකමක් කරන්න බැරිවෙලාලු... පසුගිය සුමානේ ගුවන් යානා ප්‍රශ්න ඇතිවුනේ ඔයාගේ පරිපාලනයේ වරදින් !!! ඒ නිසා ඔය පාඩුවුණු රුපියල් කෝටි 195 ගෙවනවා. ඔයාගේ සාක්කුවෙන් !!!
හා හා අපේ සිරිපාල මහත්තයා නින්දෙන් නැගිටලා වගේ.... ඇති යාන්තම්..!
පඩි වැඩි කරන්න ?මෙච්චර පාඩු ලබලත් ?
ඕක විකුනනවා ඕයි .කරුමේ .එයා ඉන්දියා ත් වික්කානම් මේක මොන මගුලක්ද ඕයි .පිස්සු කාලකන්නි
ඕක කියන්න ඇමතියෙක් මොකටද බන් ?පරක්කු වෙන්නේ මොකද කියලා බලලා එක විසඳුමක් දීපන්කො මොලයක් තියනවා නම් .එක අතකට ප්ලේන් එකේ නිදාගෙන විතරක් අත්දැකීම් තියන මිනිහෙක් වෙන මොනවා කතා කරන්නද ?