
(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක (රුපියල් කෝටි 211) මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියෝග කළේය.
එම නඩුව සම්බන්ධයෙන් ඉදිරියට ගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් වගඋත්තරකාර පාර්ශ්වය නිදහස් කළ අධිකරණය, එම නඩුව නිශ්ප්‍රභ කළේය.
මෙම පුද්ගලික පැමිණීල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ, නාලන්දාරාම, නුගේගොඩ ලිපිනැති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැංවීමේ අරමුණට මුවාවී එකවකට එනම් 2014 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාව සිට, ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ඇමරිකානු සී. අයි. ඒ. ඔත්තු සේවයේ නියුතව සිටි ඉමාඩ් ෂා සුබයිර් යන අයට ගෙවා ඇති බවට සදහන් කරමින් හිටපු මහ බැංකු අධිපතිවරයාට සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහිව මෙම පුද්ගලික පැමිණීල්ල ඉදිරිපත් කර තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මුදල් දීලම නැද්ද? මේ ඩොලර්වලින් කොපමණ වැඩකරන්න පුළුවන්ද? තිළිණ ගමගේ මහතා අලියෙක් සන්තකයේ තිබෙනවද?
කොටුව මහේස්ත්‍රාත් තිලිණ....
ඒකටනේ දේශපාලනයට එන්නේ... නඩුත් නැහැ... බඩුත් නැහැ.
තිළිණ ගමගේ ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දන්නෝ හොඳාකාරවම දනිති. අනික් දූෂිතයෝ දෙන්නා ගැනත් ලෝකෙම දන්නවා. දෙන්නම රාජපක්ෂලගේ හෙන්චයියලා නිසා නිදහස් කරන්න ඇති...
මේවා ගොර ..බර...මර... ගේ ඉල්ලීම මත ....සූත්තර පුංචා ගේ ..නියෝගයට ...තිලින ගමගේ යාචකයෙක් වී කොලේ වසා ගසන ලදී
අලියෙක් නීති විරෝධීව තියන් හිටපු නඩුවෙන් ක්‍රම සහ විදි වලින් නිදහස් වෙච්ච තිලින නේද මේ ?
දැන් මේ කට්ටිය දෙරණට ඇවිත් පාරම් බායි .මම දැක්කා රවුලකුත් වවාගෙන මොනවද මොනවද කියවනවා
නඩුත් අපේ බඩුත් අපේ. මේ ලෝකෙන් උතුම් රට.
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
කොහොමටත් ලොකු ලොකු අය 'නිදොස් ' සහ නිදහස් අයනේ
නැවත නදුවක් දමන්න බැරිද ?විගණකාධිපති වාර්තාවක් ඉල්ලලා නැත්ද C.I.A කාරයෙකුට සල්ලි ගෙවන්න කබ්රාල්ට තියෙන බලය කුමක්ද ?
ඩොලර් මිලියන ගණන් වංචා කරාට අහුවෙන්නේ නෑ .පොල් ගෙඩියක් වගේ හොරකම් කරානම් කෙලින්ම හිරේ
මේකේ කම්මෙන්ට් කරලා තියෙන බොහෝ අය මූලික තක්සේරුවක ඉන්නවා මෙහෙම CIA නියෝජිතයෙකුට මේ දෙදෙනා මුදල් ලබාදී තිබෙනවා කියා.. යහපාලන කාලේ මෙහෙම කිසි පදනමක් සාක්ශියක් නැති නඩු ඕන තරම් විපක්ශයේ පුද්ගලයන්ට දැම්මා.. සමහර ඒවා සාක්ශි නිර්මානය කරලා දැම්මා.. ජොන්ස්ටන්ට දාපු සතොස වංචා නඩුව ඒවගේ එකක්.. විනිසුරු වරයෙකුට තමන්ට ඕන විදිහට නඩුවලින් චූදිතයෝ නිදහස් කරන්න බෑ.. මේ වෙලා තියෙන්නේ නඩුව පවත්වාගෙන යන්න සාක්ශි නොමැතිකම..සාක්ශිනෑ කියන්නේ නඩුව දාලා තියෙන්නේ බොරු චෝදනාවක් මූලික කරගෙන.. අවශ්‍යය නම් මේ නඩුව නැවත සාක්ශි සමග දාන්න පුළුවන්.. දේශදේශපාලන වේදිකාවේ ඇදබාන කෙඹර වලට නඩු දාන්න ගියාම ඔහොම වෙනවා..
investment එකක ලාභය ආයතනයට නම් පාඩුව ආයෝජන තීරණය ගත්තු කෙනාට වෙන්න බැහැනේ, ලාභයක් වෙච්චි ඒවා මහබැංකුවට, පාඩුවක් වුණාම කබ්රාල්ට, මරු නඩු දාපු එවුන්ගේ මොලේ.. ඔවුන් වගේ එවුන් තමයි දැන් රට පාලනය කරන්නේත්...