( ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දුම්වැටියක් පානය කරමින් දෙමටගොඩ ප්‍රධාන ඉංජිනේරු ධාවනාගාර මූලස්ථානයට ඇතුළු වී සිටි බව කියන දුම්රිය උප නියාමකවරයෙකු සහ දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයෙකු අතර ඇති වූ බහින් බස් වීමකින් පසුඇතිවූ ගැටුමකදී දෙදෙනාම තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසයි.
සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු පුද්ගලයෙකු දුම්වැටියක් පානය කරමින්ධාවන බලාගාරය තුළ ගමන් කරන අයුරු දුටුප්‍රධාන දොරටුවේ ආරක්ෂක රාජකාරි භාරව සිටි දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන් වරයාදුම්වැටිය පානය නොකරන ලෙස එම පුද්ගලයාට දැනුම් දී අනන්‍යතාවය හෙළි කර ගැනීම සඳහා හැඳුනුම්පත ඉල්ලා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ අවස්ථාවේ දුම්වැටි දුම්වැටියක් පානය කරමින් සිටියේ යැයි කියන පුද්ගලයා තමා දුම්රිය උප නියාමකවරයෙකු බව පවසා හැඳුනුම් පතෙන් දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයාගේ මුහුණට දමා ගසා ඇතැයි කියති.
දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයෙන්වරයාට පහරදෙනවා දුටු සේවකයින් කිහිප දෙනෙකු වහා එහි පැමිණසැරයෙන් වරයාට පහරදුන් පුද්ගලයා අල්ලා ඔහුට ද පහර දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ එම එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.
මෙම සිද්ධියට අදාළ රූප රාමු ඒ අසල සවිකර ඇති සීසීටීවී කැමරාපරීක්ෂාකර බැලීමේදී ද දක්නට ලැබිණි යෑයි දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයා ට පහර දුන්නේ යැයි කියන උප නියාමකවරයා ඒ අවස්ථාවේඔහුට නියමිත නිල ඇඳුමෙන් සැරසී සිට නොමැති බවද දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත. පහරකෑමට ලක්වූ මෙම දුම්රිය උප නියාමකවරයා මෑතකදී සේවයට එක් වූ අයෙක් බවද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැලෙන යකඩ උඩ පැනපැන තලනවා... අපරාදේ මිනිස්සු පව්... වැස්ස දවස්වල ගෙවල්වලට යන්නවත් විදියක් නැහැ...!
පුද්ගලික ආරවුලකට දුම්රිය මගීන් දහස් ගණනකින් පලි ගන්නවා. හැකි ඉක්මණින් මේ ආයතන පුද්ගලීකකරණය කරන්න...!
ස්ට්රයික් කරනවා නම් වේලාසනින් කියහල්ලා... නැත්නම් එදා වගේ පොලිස් රාළහාමිලා දාගෙන තමයි වැඩ කරන්න වෙන්නේ... හැමදාම මිනිස්සු ඉවසන්නේ නැහැනේ...!
ඔවුනොවුන් ගහගත්තත් තැලෙන්නේ අහිංසක මගියා...!
වහාම පුද්ගලික කරණය කල යුතුයි දුම්රිය
දුම් වැටියක් පානය කරමින්? යකෝ කාගේ සිංහලද මේවා? දුම් වැටියක් උරමින් කියපන්. උන් දුම්වැටි උරලා ගහගත්තාම ජනතාවගෙ කන් වලින් දුම් විසිවෙන්නේ
මුන් ටික ගෙදර ගෑණිත් එක්ක රන්ඩු වෙලා ඇවිදිනුත් ස්ට්රයික් කරයි . දැන් සති දෙකකට කලින් දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කලා නේද?
දුම්රිය ප්‍රතිව්‍යූහගතකරණය වහාම සිදුකටයුතුයි. කවදාවත් මගීන්ට යහපත් සේවාවක් නොසපයන ශ්‍රී ලංකා දූම්රිය එහි පාලනාධිකාරිය සේවකයන් වෘත්තීය සමිති කොතරම් ජන පීඩන ආයතනයක් වුවත් එය රැකගැනීම යන කඩතුරාවට මුවා වී තම තමන්ගේ කරා තිරම අනුව ශ්‍රීලංකා දුම්රිය ඉල්ලමක් කරගෙන බහිරවයින් සේ හැසිරෙන ආකාරය ඉතා පිළිකුලෙන් හෙළා දකිමු. නිදහසින් වසර 75 ම ගමනාන්තයක් වඩවඩාත් ප්‍රමාද වී ළගා වීමට තම අයිතියක් සේ සළකන පාලන අධිකාරියක් සහ වෘත්තීය සමිති මාෆියාවක් සහ අධික සේවක සංඛ්‍යාවක් මහජන මුදලින් නඩත්තු කිරීම වහාම නතර කළයුතුයි...