(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැන වූ කොන්දේසියක් අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් දොළොස් දෙනෙක් පමණක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (4)පැවසීය.
මූල්‍ය අරමුදල ලබා දී තිබෙන නිර්දේශ 16න් දෙවැන්න ලෙස දූෂණ විරෝධී නීතියට අනුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හෙවත් ජනාධිපතිවරයා අගමැති,ඇමතිවරු මෙන්ම පාර්ලිමේන්තුවේ සියලු දෙනා ජනතාවට බලා ගත හැකි අයුරින් වත්කම් ප්‍රසිද්ධ කළ යුතුව තිබෙන බව හර්ෂ ද සිල්වා මහතා කීය.
එම වත්කම් ප්‍රකාශන තෝරා ගත් වෙබ් අඩවියක 2024 ජුලි 24 වන විට ප්‍රසිද්ධ කළ යුතුව තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.
මේ ආකාරයට මූල්‍ය අරමුදල නිර්දේශය 16ක් ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබෙන බව කී හර්ෂ ද සිල්වා මහතා එම කොන්දේසි වැරදිදැයි ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවේ ඉන්න බලලෝභී, දූෂිත දේශපාලුවන්ට ඔවුන් මහාපරිමාණ හොරකම්ව, වන්චා, දූෂණ වලින් ගසාකාපු දේවල්වල තරම ඔවුන්වත් හරියට දන්නේ නැතුව ඇති.
12 දෙනාගේ නම් ටික ප්‍රසිද්ධ කරන්නකෝ
ඒ උනාට මේ පාර දේශපාලුවෝ කතා කරන්නේ නම් සුදනෝ වගේ.රනිල් වගේ දුර්වල මිනිහෙක් ට මේවා නියාමනය කරන්න ශක්තියක් නෑ .ඉක්මනට රට බේරාගන්න මානසිකව සූදානම් වෙන්න
ඒ දොළොස් දෙනා කවුද කියලා කියන්න
ඒ දොළොස් දෙනාගේ නම් දාන්න. එතකොට ඒ අවංක අයව අපි නැවතත් ඡන්දය දීලා තෝරා ගන්නම්. වැඩේ කියන්නේ විපක්ෂ නායක තුමාගේ කට්ටියෙත් ලොකු කොටසක් එහෙනම් වත්කම් කියන්නේ නෑ. පොහොට්ටුව විතරක් නෙමෙයි හොරුන්ට නවාතැන් දෙන්නේ.
වත්කම් ප්‍රකාශ නොකළ මන්ත්‍රීවරුන් 213ක් පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ඔවුන්ගේ වත්කම් රාජසන්තක කරන්න. ඒ වත්කම් විකුණන්න මැතිවරණයට අවශ්‍ය මුදලට වඩා සල්ලි තියෙනවා.
වත්කම් සම්බන්ධව බොරු ලැයිස්තුවක් හදන්න පොඩි කාලයක් දෙන්න